
(සුජිත් හේවාජුලිගේ)
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (03) සිදුකිරීමට නියමිතය
දේහය අද පස්වරුවේ බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරෙනු ඇත.
කලක් රෝගී තත්වයෙන් පසුවූ ප්‍රියංකර පෙරේරා මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (01) රාත්‍රි මිය ගියේය.
මියයන විට ඔහු 64 හැවිරිදි වියේ පසුවිය.
දිවංගත ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරේරා මහතාගේ වැඩිමහල් පුත්‍රයාවූ ප්‍රියංකර පෙරේරා මහතා ගායන ශිල්පී චලක චමුපතිගේ සහෝදරයාද විය.
මෙරට සංගීත ක්ෂේත්රයේ, විශේෂයෙන්ම කැසට් යුගයේ සහ 80 - 90 දශකවල ගායන ශිල්පියෙකු ලෙස අතිශය ජනප්‍රියත්වයට පත් වූ ඔහු පිය උරුමයෙන් ලද ගීත සිය මියුරු හඬින් සංගීත ලෝලීන්ට දායාද කළේය.
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ, සිහින දෙව්දුවේ, පිස්සු විකාරේ, අගාධ සාගරයේ, සමාන වී ඉපදී දිවි තලාවේ සහ පෙර ආත්මයක එක රාත්‍රියක ඔහු ගැයූ ජනප්‍රිය ගීත අතරින් කිහිපයකි.
ගායන ක්ෂේත්රයෙන් ඔබ්බට ගොස් හෙතෙම චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු ලෙසද පසුකාලීනව ජනාදරයට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd