(යොහාන් භාසුර)
ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
නව මිල අද (31) මාධ්‍ය රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 140 ක් දක්වා ඉහළ යන බවත් ඒ මහතා කීය.
තිරිඟු පිටි මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් මෙලෙස මිල ඉහළ දැමීමට සිදුවූ බව කී ඒ මහතා පැවසුවේ ඇතැම් ප්රද්ශවල ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 120, 125 සහ 130 වැනි මිලවලට අළෙවි කරන බවත්ය.
සෙසු බේකරි නිෂ්පාදනවල මිල පාරිභෝගිකයින්ට අසාධාරණයක් නොවන පරිදි ඉහළ දැමීමට තීරණය කළ බව ද ජයවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd