(ලසන්ත නිරෝෂණ පෙරේරා )

​ඇහැළියගොඩ, ඇරෑපොල, නැදුරන ප්‍රදේශයේදී අද අලුයම 12.20 ට පමණ සිදුවූ පිහි ඇනුමකින් 17 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇති බව පොලිසිය පවසයි .

​පෙර දින දහවල් කාලයේ මියගිය සිසුවා තම මිතුරියක සමඟ ඇරෑපොල පාසල ආසන්නයේ කතාබස් කරමින් සිටින අවස්ථාවක් වීඩියෝ කිරීමක් සම්බන්ධයෙන්, ඔහු සහ ප්‍රදේශයේ වෙනත් තරුණයකු අතර බහින්බස්වීමක් සිදුව තිබේ.

පසුව එම ආරවුල දුරදිග ගොස් රාත්‍රී කාලයේදී සිසුවාගේ නිවස ආසන්නයේදී දෙපාර්ශ්වය අතර යළිත් ගැටුමක් ඇතිවු බව පරික්ෂණ වලදි හෙළිව් තිබේ.

​එහිදී එල්ල වූ පිහි ඇනුමෙන් තියුණු තුවාල ලැබූ සිසුවා ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත.

​සිද්ධියට සම්බන්ධ සැකකරු දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැළියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.