‘‘පාසල් දරුවන්ට ටැබ් දුන්නාට වැඩක් වී නෑ‘‘
බස්නාහිර පළාතේ පාසල් 256ක් සදහා රුපියල් හැටහත්කෝටි, හැත්තෑතුන්ලක්ෂ, දහදහස් හත්සියපනස්අටක් (677,310,758) වටිනා ටැබ් පරිඝණක 18,973ක් හා ආරෝපිත රාක්ක 535ක් ලබාදි ඇතත් ඉන් බොහොමයක් නිශ්කාර්යව හා ඌන උපයෝජිතව පැවති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවකින් අනාවරණය වි ඇත.