
(විමුක්ති එස් රුද්‍රිගු)
අවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ බයිපාස් හෘද සැත්කම් නතර වීමේ අවදානමක් මතුව ඇතැයි කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
කොළඹ ජාතික රෝහලේ දිනකට බයිපාස් සැත්කම් දිනකට 6ත් 10ත් අතර ප්‍රමාණයක් සිදුවන බවත් රෝගියෙකු බයිපාස් සැත්කමක් සිදුකර ගැනීම සඳහා වසර 2 ක් පමණ ලැයිස්තුවේ බලා සිටින බවත් ආරංචි මාර්ග පැවැසුවේය. වසර කීපයක සිට රෝගීන් බයිපාස් සැත්කම් සඳහා අවශ්‍ය ඇතැම් ශල්‍ය ද්‍රව්‍ය වෛද්‍ය නිර්දේශය මත පිටතින් රුපියල් 70,000ක් පමණ මුදලක් වියදම් කර ගෙන ආ බවත් විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ සිදුවීමෙන් පසුව වෛද්‍යවරුන් පිටතින් ශල්‍ය ද්‍රව්‍ය රැගෙන එන ලෙස නිර්දේශ කිරීමට මැලිකමක් දක්වන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ඒ හේතුවෙන් රෝගීන්ට ඉදිරියේදී මෙම ශල්‍ය ද්‍රව්‍ය ජීවිත තර්ජන එල්ල වන හිඟයක් විය හැකි බවත් මෙම හිඟයට විසඳුමක් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ මහතා සමග සාකච්ඡාවක් ලබාදෙන ලෙස විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා සිටින බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නලින්ද මොනවද වෙන්නේ ?
අමාරුවෙන් ඉතුරු කරපු ඩොලර්ස් ටිකත් ඉවර කරන්න හදන්නේ...
මේ උන්නැහැලාට සිංහල තේරෙන්නේ නැහැ. ඔය කියන සිද්ධියේදී එයා නිර්දේශ කරලා එයාගේ ගෝලයෙක් ලවා එයා සම්බන්ධ ෆාමසියකින් වැඩිමිලට ගෙවලා බඩු තමන්ම ශල්‍යකර්මය කරන තැනට ගෙන එනවා කියලයි උසාවියේදී කියැවුනේ..., මේ දොස්තර ගොල්ලත් එහෙම කරනවා ඇති... ඒකයි මේ බය, නැත්නම් උපකරණ, පරීක්ෂණ පිටතින් ගේන එක සාමාන්‍ය දෙයක්...
දැන් වෙන්නේ දොස්තර මහේෂි නඩුව විසික් කරන්න හා නැද්ද? මේ ගොන් බූරු ආණ්ඩුව ගලේ පහරපු බළල්ලු රංචුවක් වගේ