
(පද්මසිරි ගාර්දියවසම්)
මිද්දෙණිය තෝරකොළයාය තේක්ක රක්ෂිතය අසල සිදු වූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය බවට සැකකරන යතුරුපැදියක් මිද්දෙණිය ඕකන්දයාය පෙරළිද වැවේ කුඹුක් ගසක් අසල දමා ගොස් තිබිය දී සොයාගත් බව පොලිසිය පැවසීය.
ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරක් මත පෙරේදා (26) උදේ 07 ට පමණ මෙම යතුරුපැදිය සොයාගෙන තිබේ .
අතහැර දමාගොස් තිබිය දී සොයාගත් යතුරුපැදිය හක්මණ ප්‍රදේශයෙන් සොරාගත් එකකි .
ඉකුත් 21 දා හක්මණ නගරයේ පැවති සංගීත සැදෑවක් නැරැඹීමට ගිය අයෙකුගෙන් මෙම යතුරුපැදිය සොරකම් කර ඇතැයි පොලිසිය පැවසීය .
යතුරුපැදියේ හිමිකරු ඉකුත් 22 දා සිද්ධිය පිළිබඳව හක්මණ පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිසිය කීවේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd