IMG-LOGO

ඊශ්‍රායල් රැකියා ලියාපදිංචිය කල්දමයි

(අංජුල මහික වීරරත්න)
 
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචි කරගැනීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෙන තිබූ පියවර නොවැළැක්විය හැකි හේතුවක් මත කල්දමා තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
 
 
ඒ අනුව පොදු ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන්නන් (General Renovation Work), සෙරමික් ටයිල් වැඩ (Ceramic Tiling Work), කපරාරු වැඩ (Plastering Work) යන රැකියා සඳහා හෙට (27) දින සිට  කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීමට ගනු ලැබූ තීරණය තාවකාලිකව කල් දැමීමට පියවර ගෙන ඇති බවත් ලියාපදිංචිය සිදුකරන දිනය පසුව දැනුම් දෙන බවත් කාර්යාංශය විසින් සඳහන් කර සිටී.



අදහස් (2)

ඊශ්‍රායල් රැකියා ලියාපදිංචිය කල්දමයි

Nihal Dharmatileke Thursday, 26 June 2025 11:19 PM

ලංකාවේ රැකියාවක් ඉස්සෙල්ලා කළ යුතුයි. මිනීමරු, කපටියන්ගේ ඩොලර්වලට වහල් වෙන්න ඉස්සෙල්ලා

:       0       0

de silva Friday, 27 June 2025 12:05 PM

දැන් විදේශ සේවා නියුක්ති කාර්යාලයත් රැකියා ඒජන්සියේ වැඩත් පටන් අරන්, මේක හරියට පොලිසිය සිකුරිට් කොම්පැනියක් විවෘත කළා හා සමානයි..

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 35 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site