(සජීවා කෝට්ටාගොඩ, බණ්ඩාර තල්පත්වැ සහ සිසිර නන්දන කැලේගම)
කොන්ඩේ කපන්නට නිවෙසින් ගිය ව්‍යාපාරිකයකු ගිනි තබා මරා දමා තිබියදී සොයා ගත් බව මහව මුලස්ථාන පොලීසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කුරුණෑගල දොරටියාව පොලීස් වසමේ පදිංචි ව්‍යාපාරිකයකු බව පොලීසිය සදහන් කරයි.
මෙම ව්‍යාපාරික තැනැත්තා ඊයේ දහවල් කොණ්ඩේ කැපීමට යන බව පවසා ජීප් රථයෙන් නිවසින් බැහැරව ගිය බව පවුලේ ඥාතීහු කියති.
ව්‍යාපාරිකයා සවස් වනතුරුත් නිවසට නොපැමිණිම හා ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර තිබූ නිසා බිරිය දොරටියාව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
මේ අතර කට්ටඹුවාව ප්‍රදේශයේ දියබැටේ ප්‍රදේශයක ජීප් රථයක් තුළ කිසියම් පුද්ගලයක් ගිනි තබා මරා දමා ඇති බවට හරකුන් බැලීමට ගිය තැනැත්තකු සිද්ධිය දැක මහව පොලීසිය දැනුවත් කර ඇත.
ඒ අනුව වැඩිදුර කරුණු සොයා යාමේදී එම වාහනය හා පුද්ගලයා දොරටියාවෙන් අතුරුදන් වූ අය බවට හදුනාගෙන ඒ සම්බන්ධයෙන් ඔහුගේ බිරියට දැනුම් දී ඇත.
වාහනය තුළ මියගොස් ඇත්තේ තම සැමියා බවට හදුනා ගත් බව පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දොරටියාවේ ව්‍යාපාරිකයෙක් මරා වාහනය තුළම පුළුස්සලා
යෝගා Thursday, 26 June 2025 08:52 PM
පෝය හයයි මිනී කන්දයි. බංකු බංකු, ඔයා කෝ...? පැලවත්තේ සෙට් එකට නම් මිනී කඳු කියන්නේ සාමාන්‍ය දේවල්නේ....
රුවන් Thursday, 26 June 2025 09:35 PM
ලංකාවේ බහුතරයක් ඉන්නේ පාපතරයෝ... මේ රට හදන්න පුළුවන් ඔය බහුතරම අයින් කරපු දවසට මිසක් හිටපු ඇමතිලාව හිරේ දාලා නෙවෙයි. ලංකාවේ වෛද්‍ය වෘත්තියේ පවා හොරකම්, මිනීමැරුම් තියෙන රටක් හදන්න පුළුවන්ද? එහෙම හදනවා නම් අනුර කතරගම දෙවියන්ට වඩා උසස් දෙවි කෙනෙක්...
Perera Friday, 27 June 2025 06:53 AM
කවුරුත් නොදන්න ලොකු කතාවක් මෙතන තියෙනවා වගේ...
ගුණරත්න Friday, 27 June 2025 08:02 AM
එක කාලෙක තිබුණු භීෂණය හෙමින් හෙමින් ආපහු එනවා වගේ
Chandima Friday, 27 June 2025 09:53 AM
කොටු පැනිල්ලකටවත් ගිහිල්ලද ?
maalaka Friday, 27 June 2025 11:37 AM
ඉස්සර කරපු හොර වැඩවල සාක්කි මකනවද?