
(ගයාන් සූරියආරච්චි)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා දූෂණ චෝදනා තුනක් යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන තිබුණි.
එනම්,
2014.01.22 දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට අමෙරිකානු ඩොලර් 4512ක් පාඩු කිරීම.
2014.01.26 වැනි දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටත්ව යාමට සිටි මගීන් 75 දෙනෙකු UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් අමෙරිකානු ඩොලර් 19,160ක් රජයට පාඩු කිරීම.
2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් 1,250,000 වියදම් කිරීම යන චෝදනා යටතේය.
වික්‍රමසිංහ මහතා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
(ගයාන් සූරියආරච්චි)
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකරනු ලබන විමර්ශනවලට අනුව වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාගැනීම සදහා එම කොමිසමට කැදවූ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මස්සිනාලට කොමිස් ගහන්නයි, බෑනලාට, නංගිට රට සවාරි ගහන්නයි ඌට සැප ගන්නයි ගුවන් සේවය විනාශ කෙරුවෙ,මෙතෙක් කලක් යහතින් ඉන්න දුන්නු එකත් වැරැද්දක් !
ඇයි ඉතින් ශිරන්තිගේ මල්ලි කියලා කියන්න බයද?
මෙයා සභාපති කාලේ මහින්ද සීයක් පමණ පිරිවර සමග පුද්ගලිකව වෙන් කර ගත් එයාර්ලංකා යානයකින් මිලානෝ පැමිණියා. සියල්ලම නැවතුනේ මිලානෝ වල මිල අධිකම සැවෝයියා කුමරියගේ හෝටලේ. ශිරන්තිගේ ප්‍රධාන පරිවාර නිලධාරියා අම්පිටිය පැත්තේ හාදයෙත්. මිලානෝ කොන්සර්වතෝරියෝ වීදියේ අම්පිටියේ හාදයෙක් මෙයාටයි මිලානෝහී ධර්මරාජයෝ ටිකකටයි පාටියක් දුන්නා. පාටියේ ඉන්නකොට ලොක්කා ශිරන්තිගේ පරිවාර හාදයාට සෑහෙන වතාවක් කෝල් කළා. රහස් නොම්මරයකින් හඳුනා ගන්නා ඔහුගේ කතාව මං අහගෙන හිටියා. ලොක්කා කිව්වේම පසුවදා ෂොපිං යනකොට කිසිම කැමරාවකට අහුනොවන්න මැඩම්ව අරන් යන ලෙසයි.
පට්ටම හොරෙක්, ඇඹලයෙක්, හිටපු ප්ලාන්ටර් කෙනෙක් දැම්මා ශ්‍රී ලංකන් එකේ සභාපති කමට මෙයා දන්න දෙයක් නෑ ආසියන්තරා ගැන. දැම්මේ එයාට සැප දෙන්නයි පක්ෂලාට හොරකන් කරන්නයි...
මෙතුමා අවංකව රාජකාරිය කරපු අති උතුම් සභාපති කෙනෙක්. මෙතුමාගේ පාළනය යටතේ අපට නැවතත් ශ්‍රී ලාංකික ගුවන් සමාගමක් බවට පත්කරගෙන, දූෂණයෙන් සපිරි අති විශිෂ්ට ලෙස පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත්කරගන්න හැකිවුණා.