අධ්‍යාපන ලේකම්ගේ නමට ලියාපදිංචි වාහන 140 ක් අස්ථානගතවෙලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 09 January 2025
වී මිලදී ගන්න ‘ඔඩපණ’ ණය රුපියල් කෝටි 1,000 ක් මහ කන්නයේ (2024/2025) වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රමය පසුගිය 3 වැනිදා ආරම්භ කළ බවත් එම ණය යෝජනා ක්‍රමය මැයි මස 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව පැවසීය. 09 January 2025
කාන්තාවක සහ පුරුෂයකු පැහරගෙන ගොස් පහරදීලා වාලච්චේන ප්‍රදේශයේ කාන්තාවක සහ පුද්ගලයකු අතර අනියම් සම්බන්ධතාවයක් පවතින බව පවසමින් ඔටමාවඩි ප්‍රදේශයේ පල්ලියකට බලෙන් රැගෙන ගොස් කාන්තාවට 50 වතාවක් සහ පුරුෂයාට 100 වතාවක් කෝටුවකින් පහර දුන් බව කියන මවුලවිවරයකු ඇතුළු 7 දෙනකු අත්අඩංගුවට ගත් බව වාලචේන පොලිසිය පවසයි. 09 January 2025
වරායේ වාහන පෙන්නා කළ වංචාවට හිටපු ප්‍රභූ ආරක්ෂකයා අල්ලන්න විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් 27660000.00ක් වංචා කළේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් තවත් සිටී නම් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය රහස් පොලිසියට අද(09) නියෝග කළාය . 09 January 2025
මාලදිවයිනේ වරායේ ලාංකික ආයෝජකයන්ට අවස්ථාවක් මාලදිවයිනේ උතුරු ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින වරාය ශ්‍රී ලංකා ආයෝජකයෙක් සමඟ එකතු වී සංවර්ධනය කර ශ්‍රී ලංකාවේ භාණ්ඩවලට සියයට 50 ක බදු සහනයක් දීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව මඟහැරිය නොහැකි මහගු අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා - මාලදිවයින් ව්‍යාපාරික සභාවේ සභාපති සුදේෂ් මෙන්ඩිස් මහතා පැවසීය. 09 January 2025
ගලක් උඩරට මාර්ගයේ දුම්රිය නවතයි උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර 146 වන සැතපුම් කණුව අසලදී දුම්රිය මර්ගයට අද (9) පස්වරුවේ ගලක් කඩා වැටී දුම්රිය මාර්ගයට හානි සිදු වීම නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 09 January 2025
ඉඩම් බදුගත් 401 කගෙන් ඉඩම් කොමිසමට කෝටි 118 ක බදු පොල්ලක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් බදුගත් 401 දෙනෙකුගෙන් රුපියල් 1,180, 434,743 ක හිග බදු මුදලක් රජයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කරයි. 09 January 2025
සෞඛ්‍ය දියුණුවට පංචවිධ වැඩපිළිවෙලක් ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට ජීවත්වන ජනතාවට අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි වසර තුන තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවාව සංවර්ධනය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. 09 January 2025
ඥානසාර හිමිගේ ඇපෑල විසි වෙයි ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී මාස 09 ක ලිහිල් සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිර දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය ප්‍රකාරව ඇප ප්රදානය කිරීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද ප්‍රතික්ෂේප කළේය. 09 January 2025
’’ලයිට් බිල දැන්ම අඩු කරන්න බෑ’’ විදුලිය බිල අඩු කිරීම දවසින් දෙකෙන් කළ නොහැකි බවත් විදුලිය බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත බවත් බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 January 2025
ඌව ප්‍රධාන ලේකම් ගම්මම්පිල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස එම්. එල්. ගම්මම්පිල මහතා පත් කර ඇත. 09 January 2025
කෝප් සභාපති පත් වෙයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඒකමතිකව තේරී පත් විය. 09 January 2025
ඥානසාර හිමිගෙන් අභියාචනයක් ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී මාස 09 ක ලිහිල් සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිර දඬුවමට එරෙහිව අභියාචනයක් අද ඉදිරිපත් කළේය. 09 January 2025
රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි වෙයි එළඹෙන අයවැයේදී රාජ්‍ය සේවකයන්ට සැලකිය යුතු වැටුප් වැඩිවීමක් දෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 January 2025
අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙති අභියාචනාධිකරණ නව විනිසුරුවරු දෙදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (9) දිවුරුම් දුන්හ. 09 January 2025
මැතිසබේ ලිංගික හිරිහැර සොයන්න විශේෂ කමිටුවක් මැතිසබයේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට සිදුවන්නේ යැයි කියන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත. 09 January 2025
පාසල් විභාග ලබන වසරේ සිට නිසි පරිදි පවත්වනවා ලබන වසරේ (2026) සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමට පාසල් වාරය සාමන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 09 January 2025
ඥානසාර හිමිට මාස නවයක සිර දඩුවමක් මුස්ලිම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කිරීමේ චෝදනාවකට වරදකරු වු බොදුබලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස නවයක ලිහිල් වැඩ සහිත සිරදඩුවම් නියම කළ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය රුපියල් 1500 ක දඩයක්ද නියම කළේය. 09 January 2025
පසුගිය මාස 17 කදී ගුවන්ගමන් වාර 548ක් ප්‍රමාද වෙලා ශ්‍රිලන්කන් ගුවන් සමාගම පසුගිය මාස 17ක කාලය තුලදි (2022 අප්‍රේල් මස 01 සිට 2023 සැප්තැම්බර් මස 30 දක්වා) ගුවන් ගමන්වාර 548ක් පැය 03 සිට පැය 59 දක්වා ප්‍රමාද වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ. 09 January 2025
ඔඩ්ඩුසුඩාන් වෙඩි තැබීමක් ඔඩුසුඩාන් කලාමුරිප්පු. ප්‍රදේශයේ නිවසක් තුළ සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලබා ඇතැයි ඔඩුසුඩාන් පොලිසිය පවසයි. 09 January 2025
සහල් ආනයනයන කාලය හෙටින් අවසන් සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ට ලබා දී තිබෙන අවසර කාලය හෙට (10) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් බව වෙළඳ අමාත්‍යාංශය පවසයි. 09 January 2025
මහව -අ‘පුර දුම්රිය සංඥා නවීකරණයට ඉන්දියාවෙන් අත හිත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යටිතල පහසුකම් අංශයෙන් ඇති හවුල්කාරිත්වය තවත් දැඩි කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තෙදින ඉන්දීය නිල සංචාරයේදී මහව - අනුරාධපුර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියක් ඉදිකිරිම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 14.9 ප්‍රදානයක් ඉන්දීය රජය ලබාදුන් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඊයේ(07) ප්‍රකාශ කළේය. 09 January 2025
පළාත් කිපයකට වැසි වාර කිපයක් උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 January 2025
චක්‍රලේඛයට පයින් ගසා සෞඛ්‍ය කෝටි 3823ක අතිකාල දීලා සෞඛ්‍ය මාත්‍යාංශය 2023 වර්ෂයේදී භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයට පටහැනිව අතිකාල හා අනිවාර්ය දින වැටුප් සඳහා රුපියල් කෝටි 3823කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 09 January 2025
අපූරු උපන්දින සාදය අද සමාජයේ විවිධ තරාතිරම්වල බොහෝ පිරිස් තම උපන්දිනය සමරන්නේ විශේෂයෙන් තෝරාගත් ස්ථානවලය. ඊට හාත්පසින්ම වෙනස් ස්ථානයක සිට සිය සහෝදර නිලධාරීන් සමග උපන්දිනය සැමරු අපූරු පොලිස් නිලධාරියෙක් පිළියන්දල පොලිසියේ රථවාහන අංශය ඉදිරිපිට දී අද කැමරාවට අසුවිය. 09 January 2025
දුරකතන පාර්සලයක් ගාල්ල බන්ධනාගාරයට උඩින් වැටෙයි ජංගම දුරකතන, දුරකතන චාජර්, දුම්කොල සහ ලයිටර් අඩංගු පාර්සලයක් කිසියම් පුද්ගලයකු ගාල්ල බන්ධනාගාරය තුළට දමා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 09 January 2025
අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් අයෙක් තුවාල ලබයි අහුන්ගල්ල නගරයේ දි අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. 09 January 2025
මාමන්ඩිට පහරදුන් එස් අයි අත්අඩංගුවට සිය මාමණ්ඩියට අතින් පයින් පහරදුන් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය පවසයි . 08 January 2025
මියගිය ඩොල්ෆින් මසුන් 12කගේ සිරුරු විල්පත්තුවේ බටහිර වෙරළට ගොඩගසයි විල්පත්තුව ජාතික වන උද්‍යාන බටහිර මායිමේ පිහිටි වෙල්ලමුන්දල් හා කොල්ලන්කනත්ත වෙරළ තිරයට මියගිය විශාල ඩොල්ෆින් මසුන් 12 දෙනෙකුගේ සිරුර ගොඩ ගසා තිබිය දී හමුවු බව විල්පත්තුව ජාතික වන උද්‍යාන පාලක සුරංග රත්නායක මහතා පැවසිය. 08 January 2025
හොර බෙහෙත් හැම තැනම කොළඹ ජාතික රෝහල ඉදිරිපිට මෙන්ම රට පුරා නීතිවිරෝධී බෙහෙත් අළෙවි කරන බවත් එම බෙහෙත් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති ඒවා බවත් එම අධිකාරියට පැමිණිළි කළ බව ‘මගෙන් රටට සංවිධානයේ’ සභාපති සංජය මහවත්ත මහතා අද (8) පැවසීය. 08 January 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026