IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රාජ්‍ය ප්‍රසම්පාදන නීතිය කෙටුම්පත් කරන්න කැබිනට් අනුමැතිය

 

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහය ඇතිව රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත් කිරීම සඳහා ජාත්‍යන්තර උපදේශකයෙකුගේ සහ දේශීය උපදේශකවරුන් දෙදෙනෙකුගේ සේවය ලබා ගෙන ඇත. 

ඔවුන් විසින් පිළියෙල කරන ලද මූලික කෙටුම්පත ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් විදේශීය නියෝජිතායතන, අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ලබාගෙන තව දුරටත් වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇත. 

ඒ අනුව, එකී කෙටුම්පත මත පදනම්ව රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

රාජ්‍ය ප්‍රසම්පාදන නීතිය කෙටුම්පත් කරන්න කැබිනට් අනුමැතිය

ලුම්බිණි Wednesday, 25 June 2025 05:06 PM

මේ මොකද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 249 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site