IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාසල් 500කට චීනෙන් සුහුරු පන්ති

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 20ක අරමුදල් සලසා දීමට මහජන චීන සමූහාණ්ඩුව එකඟතාව පළ කර තිබේ. ජනාධිපති විසින් මේ වසරේ ජනවාරි මාසයේ චීනයේ සිදු කරන ලද නිල සංචාරය අතරතුරදී එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාවකට එළඹ ඇත. 

ඒ අනුව, එම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පාසල් 500ක් සහ ආදර්ශ සුහුරු පන්ති කාමරයක් සඳහා අවශ්‍ය වන උපාංග යෝජිත ව්‍යාපෘතිය මඟින් ලබා දීමටත්, එම ව්‍යාපෘතිය යටතේ වන ජාල මෙහෙයුම් කළමනාකරණ ඒකකය, වැඩසටහන් මෙහෙයුම් මැදිරිය සහ සම්මන්ත්‍රණ කාමරය ' ඉසුරු පාය ' පරිශ්‍රයේ ස්ථාපිත කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

පාසල් 500කට චීනෙන් සුහුරු පන්ති

Neel Wednesday, 25 June 2025 04:26 PM

පැහැදිලිවම කියන්න ඕනෑ... මේ විදිහට රට ඉදිරියට ගියොත් අනාගත පරම්පරාව හරිම වාසනාවන්තයි, හොඳ අනාගතයක් උරුම වෙයි. ඡයවේවා...!

:       1       19

Kamal Koyrala Wednesday, 25 June 2025 05:58 PM

කොළඹට කිරි, ගමට කැකිරි න්‍යාය නොවේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 948 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site