IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දරුවන් සිඟමනේ යෙදවීම තහනම් නීති දැඩි කරයි

(අංජුල මහික වීරරත්න)

වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අලෙවියේ යෙදවීම සහ ගෘහස්ථ සේවය ඇතුළු අන්තරායකාරී රැකියාවල ළමුන් යෙදවීමට අදාළ නීතිමය විධිවිධාන දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18ට අඩු පුද්ගලයෙකු, ළමයෙකු වශයෙන් නිර්වචනය කරනු ලැබ ඇත. නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව, රටේ මුළු ජනගහණයෙන් 30%ක් පමණ ළමා ජනගහණයට අයත් වේ. 

ඇතැම් ළමුන් විවිධ හේතූන් මත කුමන හෝ රැකියාවක් කිරීමට පෙළඹී ඇති බව, තමාගේ මව හෝ පියා සමඟ, එසේ නොමැති නම් මිනිස් වෙළෙඳාමේ ගොදුරක් ලෙස "වීදි දරුවෙකු " බවට පත් වී දෙමාපියන් නොවන අයෙකු සමඟ පොදු ස්ථාන ආශ්‍රිතව සිඟමනේ යෙදෙන බව සහ නොයෙක් දේ අළෙවි කරන බව හඳුනාගනු ලැබ ඇත. 

ඒ අනුව, වයස අවුරුදු 16ට අඩු ළමයින් සිඟමනේ යෙදවීම, වෙළෙඳාම් කටයුතුවල යෙදවීම සහ වයස අවුරුදු 16 - 18 අතර ළමුන් ගෘහ සේවය ඇතුළු අනතුරුදායක රැකියා වල යෙදවීම 2025 -07-01 දින සිට සපුරා තහනම් කිරීමට හැකි වන පරිදි දැනට පවතින නීතිමය විධිවිධාන අදාළ බලධාරින් මඟින් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමටත්, ඒ පිළිබඳව පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙලක් මඟින් මහජනතාව දැනුම්වත් කිරීමටත් සිය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩපිළිවෙල කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරි විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.



අදහස් (3)

දරුවන් සිඟමනේ යෙදවීම තහනම් නීති දැඩි කරයි

Pradeep Kumara Wednesday, 25 June 2025 02:26 PM

කලකට පෙර ගත යුතුව තිබූ තීරණයක්, නමුත් ප්‍රමාද වී හෝ සිදුකළ ඉතාමත් හොඳ වැඩක්. කාගේ වුවද දරුවන් දරුවන්මයි.

:       0       20

m. saman perera Wednesday, 25 June 2025 06:14 PM

ඉතාමත් හොඳ ක්‍රියාවක්

:       0       0

Dasa P Wednesday, 25 June 2025 06:50 PM

ඔහොම යං

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 948 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site