
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චීනයේ පැවැත්වෙන වැඩමුළුවක් සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් සහභාගී වෙති.
චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසමේ ජාත්‍යන්තර සහයෝගිතා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව චීන මහජන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ජුනි 20 සිට ජූලි 6 දක්වා පැවැත්වේ.
ආණ්ඩුව සහ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා-චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නිලධාරීන් සහ විධායක කමිටු සාමාජිකයින්ගෙන් මෙම නියෝජිත පිරිස සමන්විත වේ. ආණ්ඩුව නියෝජනය කරමින් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ (දූත කණ්ඩායමේ නායක) සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සමන්මලී ගුණසිංහ, නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර, ලුතිනන් කමාන්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, අජිත් ගිහාන්, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, දිනින්දු සමන් හෙන්නායක, භාග්‍ය ශ්‍රී හේරත්, අබූබකර් අතම්බාවා, අශෝක ගුණසේන සහ තනුර දිසානායක යන මහත්ම මහත්මීහූ මෙම වැඩමුළුවට සහභාගී වෙති. එසේම විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කින්ස් නෙල්සන්, බී.ආරියවංශ සහ නීතිඥ අනුරාධ ජයරත්න යන මහත්වරුද මෙම වැඩමුළුවට එක්ව සිටිති.
මෙම දූත පිරිස සමඟ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු සන්ධාන නිලධාරී රනිල් නානායක්කාර සහ පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරිනී තිළිණි තුෂාරිකා ගමගේ මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරී පිරිසක් ද එක්ව සිටිති.


2025 දෙසැම්බර් මස 18
115
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
948
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පක්ෂ විපක්ෂ 14ක් චීනෙට
ලුම්බිණි Wednesday, 25 June 2025 04:43 PM
ප්‍රජාතන්ත්‍ර වාදයේ වැදගත්කම ඉගෙනගෙන එන්න යායුතුම රට...