IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලොකු වැව් පහක් අලුත් වෙයි

(අංජුල මහික වීරරත්න)

මින්නේරිය, ගිරිතලේ, ගල්ඔය, හුරුළු වැව සහ රාජාංගනය වාරි යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඇති වූ ගංවතුර හේතුවෙන් වියළි කලාපයේ ප්‍රධාන වාරි යෝජනා ක්‍රම කිහිපයකට දැඩි හානි සිදු වීම හේතුවෙන්, එම යෝජනා ක්‍රම වල වගා ඉඩම් සඳහා ජලය නිකුත් කිරීමට දැඩි බාධාවන් පැන නැඟී ඇතැයි රජය කියයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන අම්පාර දිස්ත්‍රික්කයේ ගල්ඔය යෝජනා ක්‍රමය, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය හා ගිරිතලේ වාරි ව්‍යාපාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළු වැව හා රාජාංගනය යන වාරි යෝජනා ක්‍රම වල ඇළ පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2025 අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන 2,000ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. 

එකී ප්‍රතිපාදන භාවිත කරමින් ඉහත සඳහන් වාරි ව්‍යාපාර වල  ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

ලොකු වැව් පහක් අලුත් වෙයි

Kamal Koyrala Wednesday, 25 June 2025 02:29 PM

මෙයා ප්‍රතිසංස්කරණ සඳහා ගොවි සමිති/ සභා සහභාගීත්වය වැදගත්... සියල්ල සපිරුණු පසු මුදලාලිට වී දෙන්න කියා ගොවි ජනතාව දැනුවත් කරන්න.

:       1       12

ජයරත්න Wednesday, 25 June 2025 03:45 PM

මහජන බදු මුදල් විදෙස් ආධාර ණය කලින් කලට පොම්ප කරන තැන් වශයෙන් ගොවි ජනතාව බහුතරයක් හඳුන්වනු ලබන තැන් මේවා. ගොවි සංවිධාන ශක්තිමත් කළයුතුයි. ඇළවේලි නඩත්තු නොකරන ආරක්ෂා නොකරන ඇළ රක්ෂිතවල වගා කරන කැලිකසල දමන ගොවියාට ද නීතිමය පියවර ගත යුතුයි..

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 948 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site