
(නිමල කොඩිතුවක්කු)
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට සමගාමිව බස් ගාස්තුව සියයට 2කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය අද (25) බස් සංගම් වෙත දැනුම්දී තිබේ.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල මග නැගුම කාර්්‍යාලයේදී ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්චාවකදී මේ බව දැනුම් දී තිබේ.
ජුලි 01 වනදා සිදුකිරීමට නියමිතට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත්විණ.
ඒ අනුව බස් ගාස්තුව 2%කින් අඩු කිරීමට කටයුතු කරන බවත් පළමු සහ දෙවන ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව බස් සංගම් වෙත දැනම් දී තිබේ
එම ගාස්තු පසුව ප්‍රකාශයට පත් කරන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව එහිදි දැනුම් දී තිබේ.
කෙසේවෙතත් රජයේ යෝජනාවට බස් සංගම් සිය අප්‍රසාදය පළකර තිබේ.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සකස් කිරීමේදි ඉන්ධන සූත්‍රය ක්‍රියාත්මක නොවූ බවයි.
ඒ අනුව ජූලි මාසයේදි සිදුවන ඉන්ධන සංශෝදනයේදි ඩීසල් මිළ ඉහළ ගියහොත් බස් හිමියන්ට ගැටලු මතුවන බවද ඔහු තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාපාර ලාබේ සහ පාඩු බලාපොරොත්තු විය යුතුමයි. හැම විටකදීම ජනතාව පිදේනියට පත්කිරීමෙන් ලාබෙ බලාපොරොත්තු වෙනවා නම් බස් ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න.
බහුතර බලයක් ජනතාව දුන්නේ ජනතා සුබසාධනය සඳහා, මුදලිලාට අවාසි ආකාරයට නොවේ... පුද්ගලික බස් කෙරුවාවල් දැක දැක මගීනුත් මෙය සිතා බැලිය යුතුයි.
බුරියානි නැතුවම බැහැ වගේ නේද?
සමහර ගාස්තු අඩු කිරීම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න නම් විශේෂ ගෙවීම් ක්‍රම තියෙන්න ඕනෑ. මුදල් නෝට්ටු කාසි වලින් ඒක කරන්න බැහැ. උදාහරණයක් ගත්තොත් රුපියල් 30ක ගාස්තුවකින් රුපියලක් දෙකක් අඩු කළාට වැඩක් නැහැ. මොකද එක්කෝ මගියා ගාව මාරු සල්ලි නැහැ. එහෙම නැත්නම් කොන්දොස්තර ගාව කොහොමටත් මාරු සල්ලි නැහැ. අන්තිමේදී කාසියේ වාසිය කොන්දොස්තරට....
මේ අය රු. 27 ට 30කුත්, රු 66ට 70කුත්, රු 77ට 80කුත්, රු 87ට 90කුත් ගන්න එකේ බස් ගාස්තු අඩු කළාට කම් නැත.
බස් ගැමුණු තව අළුත් ගෙමක් ගහන්න වගෙයි, එයාගේ පුටුව ආරක්ෂා කර ගන්න ගමන්, රජයත් බස් මගීන් අතරත් අරගලයක් දියත් කිරීම සදහා ! මෑන් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බා ගැනීමට දක්ෂ,
කිසිම රජයක් කරන්න උත්සාහ කළේවත් නැති දෙය තමයි මේ මඟ මරුවෝ ටික මහ පාරෙන් අයින් කරන්න, ලංගම බස් ටිකක් ගෙනත් දාලා විනීත රියැදුරන් සහ කොන්දොස්තර කෙනෙක් දාන එක. මේ අය ලොකු සද්ද දායි ස්ට්‍රයික් කර කර. ඒත් ජනතා සහාය ලැබේවි.
රුපියල් සීයේ ටිකට් එක රුපියල් 2 ක් රුපියල් 50 ටිකට් එකට රුපියලක් යකෝ . මාර සහනයක් ලැබිලා තියෙන්නේ. මාලිමාවට ජයවේවා.
බස් ගාස්තුව අධික ලෙස වැඩි කල කොවිඩ් කාලේ දී ඒ තිබුන සෞඛ්‍ය අමාත්‍යංශයේ කොන්දේසි නිසා (හිටගෙන ගෙනියන්න බැහැ .ශීට් 3 තියන පෙළක මද ශීට් එකේ කිසිවෙක් නොයා යුතුයි වගේ උපදෙස් )අද ගෙනියන්නේ පොල් පටවලා වගේ ඒත් මගියාට කිසිම සාධාරණයක් උනාද ?මේ අඩුකරපු ගැනත් මදි
බුදු අම්මෝ, 2% ක්ම, වැඩි නැද්ද
ඉන්ධන මිල රුපියලකින් ඉහළ ගියොත් මේ අය එදාම උස්සනවා. හැබැයි අඩු කරන්න අදහසක් ඇත්තෙම නෑ . තුන්රෝද වලටවත් කිසිම වෙනසක් නෑ!