IMG-LOGO

හදවත් සැත්කම් පෞද්ගලික රෝහල්වල කරන්න කැබ්නට් අනුමැතිය

(ඩයනා උදයංගනී)
            
කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර දෙකෙහි අලූත්වැඩියා කටයුතු අවසන් වනතුරු හදිසි හදවත් සැත්කම් රජයේ වියදමින් පෞද්ගලික රෝහල් වලදී සිදුකර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ශල්‍යාගාරවල අලූත්වැඩියා කටයුතු හේතුවෙන් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් නොකෙරෙන අතර එහි හදවත් සැත්කම් කළ යුතු රෝගීන් ජයවර්ධනපුර රෝහලට මාරුකර යැවූවත් එය ප‍්‍රමාණවත් නොවන නිසා මෙම පියවර ගත් බව සම කැබිනට් ප‍්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු  ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරවල අලූත්වැඩියා කඩිනමින් අවසන් කිරීමටත්, එතෙක් හදිසි සැත්කම්වලට භාජනය කළ යුතු රෝගීන් පහසුකම් ඇති පෞද්ගලික රෝහල් වෙත යොමු කිරීමටත් අගමැති රනිල් වික‍්‍රමසිංහ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට මෙසේ කැබිනට් අනුමැතිය ලැබිණි.

ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (15)

හදවත් සැත්කම් පෞද්ගලික රෝහල්වල කරන්න කැබ්නට් අනුමැතිය

ajja Wednesday, 06 December 2017 09:30 AM

මවුන්ට් එළිසෙබෙත් යවන්න. ඩීල් එකක් ඇති.

:       384       264

rama Wednesday, 06 December 2017 09:49 AM

කෝ අර කෑගහන ජී.එම්.ඕ.ඒ. එකේ කට්ටිය මොනවද කියන්නේ මේවට?

:       315       349

Hafeel Wednesday, 06 December 2017 10:13 AM

ඇයි රාජිතට වගේ සිංගප්පූරු යවන්න බැරි?

:       344       518

kumar (galf) Wednesday, 06 December 2017 11:17 AM

කොහොමටත් ඉතින් වැඩිහරියක් කෙරෙන්නේ පුද්ගලික රෝහල්වල තමා, දුප්පත් මිනිස්සුන්ට ඒ අවස්ථාව නැහැනේ...

:       14       56

බද්රානි Wednesday, 06 December 2017 11:43 AM

ගාන ඩබල් වෙලා ඒකත් අසරණ ජනතාවගේ කර පිටටම තමයි. රටේ සෞඛ්‍ය සේවය මුදලට විකුණන, හා ජීවත්වීමේ අයිතිය මුදල මත තීරණය කරන එක මේකට අදාල නැතිව ඇති මගේ හිතේ. අපි කාගේත් සහයෝගයෙන්නේ පෞද්ගලික සෞඛ්‍ය සේවය වැඩි දියුණු කරන්නේ.

:       20       161

Nimal Wednesday, 06 December 2017 11:45 AM

Rama, මෝඩ කතා කියන්න එපා.

:       12       10

රවින් Wednesday, 06 December 2017 02:15 PM

අදායම් බදු දෙපාර්තමේන්තුවටයි ! දැන් බලන්න ඔය කියන රෝහල්වල සම්පුර්ණ අදායම? හරියට බදු ගෙවනවද?

:       0       31

විකුම් රංගන Wednesday, 06 December 2017 02:58 PM

මුදල් ගෙවලා බැරිනම් ඉඩම් උගස් තියලා හරි කමක් නැහැ ඔයාලගේ ඔපරේෂන් කර ගන්න අපට පව් නොදී. කෝ දැන් අර මහලොකු කොලිටිය තියන ලංකාවේ සෞඛ්‍ය සේවය? ඔතන තියෙන්නෙත් තක්කඩි බිස්නස් එකක් කියල හිතාගන්න බැරි ගොබ්බයෝද මේ රටේ ඉන්නේ? ඔයාලගේ සල්ලි වලින් පිනට ඉගෙන ගෙන පෞද්ගලික රෝහල් වල වෛද්‍ය සේවය විකුණන දොස්තරලාට තව තවත් වැඩිපුර පින් දීපල්ලා එතකොටවැඩි වැඩියෙන් හදවත් රෝග වැළඳෙයි.

:       11       168

කුරුප්පුWednesday, 06 December 2017 04:32 PM

පපුවෙ අමාරු හැදෙන එක තව හොදයි මොලේ අමාරු හැදෙනවට වඩා

:       43       8

විකුම් රංගන Wednesday, 06 December 2017 05:00 PM

කුරුප්පු ඔහෙට ඒ දෙකටම නැති වෙනස්ම අමාරුවක් තියනවා කියලයි පේන්නේ. එකනේ, ඇත්ත ඇහෙද්දී ඉබේටම මල් පහ වෙන්නේ.

:       0       0

රොෂාන් Wednesday, 06 December 2017 03:14 PM

ඒ කියන්නේ සමුපකාරෙන් කළුකඩ මුදලාලිට ලෙඩාව බාර දෙනවා. අවසානයේ පොලියත් එක්ක බිල ගෙවනවා ආණ්ඩුවෙන්.. කාටද ආඩම්බර?

:       1       128

Senewi Wednesday, 06 December 2017 06:37 PM

රාජිතගේ ගේමක් වගේ

:       0       50

terrance Wednesday, 06 December 2017 07:15 PM

කාලයක් යද්දී එලිවෙයි ආණ්ඩුවේ වගකිවයුතු අදාල තනතුරු දරන අය මේ වැඩෙන් ගසාකාපු හැටි.

:       0       0

Asi Thursday, 07 December 2017 01:58 AM

ඇති හැකි අය යන්නෙම පෞද්ගලික ‍වෛදය‍ෙ සේවාවලටම තමයි. ති බැරි අයටත් අවස්තාව දියයුතුයි.

:       0       0

janatha anura Thursday, 07 December 2017 03:08 AM

හොඳ තීරණයක්!!! ශල්‍යාගාර වහාම අලුත් වැඩියා කරගෙන යනවා. එය කලයුතුය. එතන දේසපාලනයක් නැහැ. හරි දෙයට හරි කියමු. ඔබ වෙනුවෙන්ම උපදෙස් ලැබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධාන වලිනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 367 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 915 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1310 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site