(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්තරේට පිළිතුරු ලියමින් සිටි සිසුවියක් පිළිතුරු ලිවීම සඳහා කොළ ඉල්ලා සිටි අවස්ථාවේ එම ශාලාවේ විභාග පරීක්ෂකවරයකු ලෙස රාජකාරියේ නිරතව සිටි ගුරුවරයකු ඊට දැක්වූ ප්‍රතිචාරය නිසා කම්පනයට පත් වූ බව කියමින් එම ගුරුවරයාට එරෙහිව සිසුවිය පැමිණිල්ලක් කර ඇතැයි මාතලේ මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ කම්පනයට පත් වූ නිසා අදාළ විෂය කරුණු අමතක වී ගිය බවත් එම සිසුවිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි මාතලේ මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටින අතරවාරයේ එම විභාග පරීක්ෂකවරයාගෙන්ගෙ කොළ ඉල්ලා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මේ අවස්ථාවේ මේකී මෙච්චර කොළ ඉල්ලන්නේ මොනව ලියන්නද දන්නේ නැහැ යැයි කියා එම විභාග පරීක්ෂකවරයා පැවසූ බව සිසුවිය වැඩිදුරටත් පොලීසියට පවසා ඇත.
විභාග පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ ගුරුවරයා හඳුනන්නේ නොමැති බවත් ඔහු ගැන තොරතුරු කීමට තමා නොදන්නා බවත් සිසුවිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි එම පොලිස් නිලධාරියා කීය.
;
COMMENTS
අනිවාර්යයෙන් ඔය ගෑනු ලමය මානසික රොගිෙයක්, හැකි ඉක්මනට පාසලෙන් අයින් කරල අන්ගොඩ ට බාර දෙන්න, පුලුවන් නම් ෆැමිලි එකේ අයත් එම වාට්ටුවටම දාන්න
විභාගේ ලියන සිසුවියට ඒ ගුරා එසේ කිව්වා නම් ඒ ගුරා නොදකින් ...
උගන්නපු එකෙක් නම් වෙන්න බැහැ .නැත්නම් ඒ ඒ විෂයට අනුව පිළිතුරු ලිනීමට වැයවෙන කොළ ප්‍රමාණය වෙනස් වෙනවනේ .ඒ ඇරත් මේක එයාගේ වියදමෙන් දෙන එකක් නෙමෙයිනේ .කතා කරන්න දන්නේ නැති වසලයෙක්
ළමයින් ගැන කිසිදු දැක්මක් නැති අවබෝධයක් නැති මෙවැනි නිලධාරින් මෙවැනි ජාතික කර්තව්‍යයන් වෙනුවෙන් යොදා ගැනිම ඉතාමත් වැරදි සහගත කාර්යයක් බව වටහා ගැනිම මෙන්ම ඉදිරියට මෙවැනි නිලධාරින් අධ්‍යාපන ක්ෂෙත්‍රයේ රඳවා නොගැනීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම විභාග දෙපාර්තමේන්තුව ද වගබලා ගතයුතුයි.
ඔය වගේම අමනෝඥ, "ජීව විද්‍යාව" උගන්වන ටියුෂන් ගුරාලා රැලක් මේ රටතුල සිටිනවා. ඒ ටියුෂන් කාරයින්ගෙනුත් අපේ දරු පරපුර ගලවාගත යුතුයි. කොහේද ඉතින් මෝඩ දෙමව්පියෝත් දැන් විද්‍යා ගුරුවරුන්ගෙන්නේ ඉතිහාස පාඩම් ඉගෙන ගන්නේ...
පන්තියේ හරියට උගන්නන්න බැරි, එසේ නොකරන එවුන් මෙන්න මෙහෙම තමා. මේකා හොර ගුරෙක්. මේ වගෙම ප්‍රතිඵලය ක් තමා ලැබිල තියෙන්නේ කවදාවත් පන්තියක උගන්වා නැති එවුන් අධ්‍යාපන පරිපාලන සේවා විවෘත විභාගය ට ලියල විදුහල්පති විදියට ජාතික පාසල් වල ට පත්වීමෙදිත්. ඒවායේ පාසල් පිටින් ම විනාශයි . රෝයල් ,විශාඛා ,ධර්මාශෝක ,මහින්ද ,රිච්මන්ඩ් මේවා සියල්ල ඉවරයි .
මේ ගුරුවරයා කියන බූරුවා මන්ත්‍රී පන්දමෙන් ආපු සුදුසුකම් නොමැති එකෙක් ..... prase.....තමුනුත් ඒ ජාතියේම වගේ