IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෝවිඩ් මධ්‍යස්ථාන, රෝහල් ඇඳන් පිරෙයි

(සුජිත් හේවාජුලිගේ )

අලුත් අවුරුදු කොවිඩ් පොකුර මතු වීමෙන් පසු එම රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා බොහෝ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඇඳන් සම්පූර්ණයෙන්ම පාහේ පිරී ගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග වලින් පැවසේ .

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන මධ්‍යම පළාතේ රෝහල් පහේ ඇඳන් 1200ම මේ වෙනවිට පිරී ගොස් ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවසීය .

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා පළාතේ තවත් රෝහල් එකොළහක් සූදානම් කරගෙන යන බවත් දැනටමත් රෝහල් දෙකක් සූදානම් කර අවසන් බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කීය .

මධ්‍යම පළාතේ සෑම දිස්ත්‍රික්කයකම අලුතින් ඇඳන් දාහක් සූදානම් කරගෙන යන බවද නිහාල් වීරසූරිය මහතා පැවසුවේය .

මේ අතර මධ්‍යම පළාතෙන් පෙරේදා( 1)වනවිට කොවිඩ් ආසාදිතයන් නම දහස් හාරසිය හැටක් වාර්තා වී ඇත .

කොවිඩ් වැළඳීමෙන් මධ්‍යම පළාතේ මියගොස් ඇති සංඛ්‍යාව 95කි.

මේ අතර කොවිඩ් රෝගීන් ඉහළ යෑම නිසා අංගොඩ බෝවන රෝග විද්‍යායතනද රෝගීන්ගෙන් පිරී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය .

කෙසේ වෙතත් අලුතින් රෝගීන් භාරගැනීමට කිසිදු බාධාවක් නැතැයි ද ඔහු කීය .

කෑගල්ල දිස්ත්‍රික්කයේ රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන රෝහල්වල සියලු ඇඳන් මේ වන විට පිරි ගොස් ඇතැයි කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසේසඥ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පැවසීය .

කොවිඩ් ආසාදිතයන් හතළිස් දෙනකු නිවෙස්වල පසුවන බවත් ඔවුන්ට ද රෝහල් පහසුකම් සපයාදීමට කටයුතු කරගෙන යන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කීය .

උඳුගොඩ රෝහලේ රෝගීන් එකසිය තිස් දෙනෙකු ද රඹුක්කන රෝහලේ රෝගීන් අසූ දෙනකු ද බෙලිගල රෝහලේ රෝගීන් හැත්තෑ දෙනකු ද වරකාපොල රෝහලේ රෝගීන් දෙසිය පනස් දෙනෙකු ද පින්නවල රෝහලේ තුන්සිය තිස් දෙනකු ද කිතුල්ගල රෝහලේ එකසිය හතළිස් දෙනෙකුද දැනට ප්‍රතිකාර ලබන බව වික්‍රමසිංහ මහතා කීය.

 



අදහස් (4)

කෝවිඩ් මධ්‍යස්ථාන, රෝහල් ඇඳන් පිරෙයි

Nishan Sunday, 02 May 2021 08:49 AM

ආණ්ඩුව බලාපොරොත්තු වුණා... මෙවැනි තත්වයක් ඇති කරලා මැයි දිනයේ ආණ්ඩු විරෝධය රටටම පේන එක වළක්වා ගන්න. පහුගිය කාලේ පී.සී.ආර්. පරීක්ෂණ ඇල් මැරුණු ස්වභාවයෙන් කළේත් සිංහල අවුරුදු කාලෙට රටම ඇරියෙත් ඒ නිසයි...

:       0       0

Vira Sunday, 02 May 2021 09:04 AM

අපට වරදින්න හේතුවක් නැහැ. කහ පැළයක් හිටවලා ඒකටත් වඳින මිනිස්සු අපි... අැයි දැක්කේ නැද්ද?

:       0       0

ගමේ එකාලා Sunday, 02 May 2021 09:05 AM

පැණි දුන්න අය කෝ කොරෝනා ඇවිල්ලා.? මහ ලොකුවට පාරම්බාපු වෙදාලා දැන් කෝ.

:       0       0

simeris Sunday, 02 May 2021 11:02 AM

රෝගීන්ට හුස්ම ගන්න පහසු වෙන්න මුඛ ආවරණ ගලවලා ඉන්න දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site