IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


බැසිල්ට එරෙහි ගම්පහ ඉඩම් නඩුව කල්යයි



(ගම්පහ අධිකරණ ටෝනි කරුණානායක)

දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහි  නඩුව නොවැම්බර් මස 14 වැනිදාට කල් තබන ලෙසට ගම්පහ අංක 02 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද(12) නියම කළේය.

විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරු දෙදෙනා අගවිනිසුරුගේ විශ්‍රාම යාම සම්බන්ධයෙන් පැවැත්වෙන උත්සවයට සහභාගී වීම හේතුවෙන් නඩු විභාගයට වෙනත් දිනයක් ලබා දෙන ලෙස නිතිඥ නවීන් මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව නඩු විභාගය නොවැම්බර් මස 14 වෙනිදාට කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා ඉදිරි නඩු විභාගයන්ට දින කතිකා කරගෙන එදිනයට (නොවැම්බර් 14) මහාධිකරණයට දැනුම් දෙන ලෙස පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිස්ටරි ජනරාල් තුසිත් මුදලිගේ මහතාට සහ විත්තියේ නීතිඥ මණ්ඩලයට දන්වා සිටියේය.



අදහස් (6)

බැසිල්ට එරෙහි ගම්පහ ඉඩම් නඩුව කල්යයි

ඩී. ජයදේව Friday, 12 October 2018 10:11 AM

විනිසුරුතුමාට පාටියට ආරාධනා කරලා නැතෙයි...

:       6       17

sathyapala Friday, 12 October 2018 10:21 AM

පව්, අවිහිංසකයින් දෙන්නා තමන්ගේ නොවන බූදලයකට ආණ්ඩුව බලයෙන් නඩුවක් පටලවලා..!

:       1       8

පිටිගල මිලානෝ Friday, 12 October 2018 11:23 AM

අයිතිකාරයා නැති මාලිගාව...!

:       0       35

රනවි Friday, 12 October 2018 11:38 AM

සාමන්‍ය වත්කමකට හිමිකම් තිබුණු රාජපක්ෂලා ප්‍රකෝටිපතියන් වූයේ කෙසේද? රාජපක්ෂලගේ ඉහවහගිය දූෂණ, වංචා, හොරකම්වලට දඬුවම් දීමට මහජන ඡන්දයෙන් මෛත්‍රීපාල ජනපතිත්, අගමැති රනිලුත් ජනතාව පත්කරගන්නා ලදි.. එහෙත් මේ වනතුරු කිසිම රාජපක්ෂ කෙනෙකුට දඬුවම් දී නැත. සිරිසේන රනිල් යටතේ මේ හොරුන්ට මේ කපේදි දඬුවම් නොලැබෙනු ඇත. අපි හමයන තුරුම නැවත නැවත මේ අයටම රට පාලනය බාරදෙමු..

:       1       23

rohana Friday, 12 October 2018 12:03 PM

බැසිල්තුමා කිව්වනේ ඒක එයාගේ නෙවෙයි කියලා.. ඇයි දැන් මේ බොරුවට නඩු පටලවන්නේ? ඒගොල්ලෝ අහිංසක අයනේ...

:       0       1

sirimal Friday, 12 October 2018 02:16 PM

මේ නඩුවත් නොනවත්වාම අහන බවයි අපට නම් දැනගන්න තියෙන්නේ... හොරුන්ට දඬුවම් දෙනවා කියලා බලයට පත්වෙලා... හොරු එක්ක ඩීල් දමමින් නඩු කල් ඇරඇර කාලය කාදමමින් ඉඳල දැන් දඟලනවා. පොරොන්දු වුණු දේවල් ඉටු කරන්න.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 647 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 835 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 359 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site