IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඒකාබද්ධයේ යෝජනාව කතානායක ප්‍රතික්ෂේප කරයි

ආරියරත්න රණබාහු සහ සුජිත්හේවාජුලිගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ  විශ්වාසය දිනාගන්නා තැනැත්තා අගමැති ලෙස පිළිගන්නා ආකාරයටම විපක්ෂ නායකවරයාත්  පිළිගන්නාලෙස  ඒකාබද්ධ විපක්ෂය  ස්ථාවර නියෝග (සංශෝධන) පනත සඳහා ගෙනා යොජනාවක්  කතානායක කරුජයසුරිය මහතා  පාර්ලිමේන්තුවේදී අද (7)  ප්‍රතික්ෂේප කළේය.
ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී  ඇතිවු මතවාද මෙසේ වෙයි.

දිනේෂ් ගුණවර්ධන මහතා

විපක්ෂ නායකවරයා ට වගකිම් රැසක් තිබෙනවා.වපක්ෂ නායක තේරිමට අපි ඡන්ද විමසීමක් ඉල්ලන්නේ  නැහැ. නමුත් අගමැතිවරයා තෝරාගන්නා ආකාරයට එය කළ යුතු යැයි යෝජනා කරනවා. මේ අර්බුධය අද පවතිනවා.

කතානායක කරුජයසුරිය මහතා

අපි මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළා
නියෝජ්‍ය ඇමැති  අජිත් පී පෙරේරා
වෙනත් රටවල විපක්ෂ නායක තෝරා ගැනීම සොයා බැලුවා. මේ තෝරාගැනීම කරන්නේ  වෙස්මිනිස්ටර්  සම්ප්‍රදාය අනුවයි . මෙය සුවිශේෂි ත්ත්වයක්. බහුතරයට යා යුතුයි අපි පිළිගන්නවා.

විමල් වීරවංශ මහතා

වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය අනුව  මොන පාර්ලිමේන්තුවේද  මන්ත්‍රී ආසන 16ක් ගත් කෙනේක් වපක්ෂ නායක කර තිබෙන්නේ.විපක්ෂයේ බහුතරය නියෝජනය  නොකරන කෙනෙක් ඉදලා තියෙන්නේ මොන පාර්ලිමේන්තුවේද. මේ තිබෙන  විපක්ෂය නිසා ජනමතය හරිහැටි  නිරූපණය  වෙන්නේ නැහැ.මේ තිබෙන විකෘතිය ප්‍රකෘතියක් කිරීම සඳහා දිනේස් ගුණවර්ධ  මහතා  යෝජනාව ගෙනාවේ.

අජිත් පී .පෙරේරා මහතා

එක්සත් ජනතා  නිදහස් සන්ධානය තුළ කණ්ඩායමක් දෙකක්  තිබෙන නිසා  මේ තත්ත්වය  ඇති වී තිබෙන්නේ. ඔවුන් ඡන්දය ඉල්ලපු බුලත් කොළයෙන් ඉවත්ව වෙනම පක්ෂයකින් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට පැමිණියේ නැති නිසයි  මෙහෙම වෙන්නේ.

කතානායක කරුජයසුරිය මහතා

අපි මේ ගැන රටවල්  20ක පමණ සොයා බැලුවා.

විමල් විරවංශ මහතා

ජාතික නිදහස් පෙරමුණේ  ලිඛීතව ලිපියක් කතානායකතුමා වෙත භාරදුන්නා.එක්සත් ජනතා  නිදහස් සන්ධානයෙන් ඉවත් වුණා කියල .ඒ අනුව අපි වෙනම නියෝජනයක්  ලෙස පිළිගන්නා ලෙස ඉල්ලුවා.නමුත් එය කළේ නැහැ.ඔය තර්කානුකූලව එහෙට මෙහෙට මේ ප්‍රශ්නය  විසිනොකර  අගමැති පත් කරන මුලධර්මය මෙයටත් යොදා ගන්න.

එම්.ඒ සුමන්තිරන් මහතා

විමල් වීරවංශ මහතා වර්තමාන තත්ත්වය ගැන කතා කළා. කුඩා කණ්ඩායමකට  විපක්ෂ නායකකම  ලබා දීම කාගෙවත් කැමැත්ත නෙවෙයි. පාර්ලිමේන්තුව තුළ දේශපාලන පක්ෂ  හයක්  තිබෙනවා. එයින් පත්වීම් දෙකක් රජයට අයිතියි. ඊ ළගට විශාල මන්ත්‍රී ආසන සංඛ්‍යාවක්  තිබෙන තුන්වැනි පක්ෂයට තමයි විපක්ෂ නායකකම ලබා දී තිබෙන්නේ.

බන්ධුල ගුණවර්ධන මහතා

අපි මේ කතා කරන්නේ වර්තමාන තත්ත්වය නොවෙයි. අපි මේ ස්ථාවර නියෝග සංශෝධනය කරන්නේ ආයතනයටයි.අපි මේ  ප්‍රශ්නය විසදුවේ නැත්නම්  මතු ඇති වන  පාර්ලිමේන්තුවටත් එය ඉතුරු කරනවා එය විසදීම සදහා.කතානායකතුමා මැදිහත් වෙන්න.

අජිත් පී.පෙරේරා මහතා

අපි ඒ මතයේ තියෙන වටිනාකම් අගය කරනවා .ස්ථාවර නියෝග (සංශෝධන) පිළිබඳව පාර්ලිමේන්තුවේ අද (07)  පැවැති කාරක සභා  අවස්ථාවේදී මෙම සංවාදය ඇති විය.



අදහස් (3)

ඒකාබද්ධයේ යෝජනාව කතානායක ප්‍රතික්ෂේප කරයි

ajith Wednesday, 07 March 2018 12:43 PM

රටට හෙන ගැහුවත් කමක් නෑ. පොහොට්ටුවට ඕනේ බලය...

:       0       0

Bamunuarachchi Wednesday, 07 March 2018 02:29 PM

"වෙනත් රටවල විපක්ෂ නායක තෝරා ගැනීම සොයා බැලුවා" අැයි මෙතැනදී විතරක් වෙස්ට්මිනිස්ටර් ක්‍රමය ගැන සොයන්නේ. ප්‍රාදේශීය සභිකයින් තේරීමත් වෙස්ට්මිනිස්ටර් ක්‍රමයද? මහජනයා පයින් ගහලා දොට්ට දමපු අය ඇමතියන් කිරීමත් වෙස්ට්මිනිස්ටර් ක්‍රමයද? රටේ මහබැංකු කොල්ලයක් කිරීමට මග පාඩු අය පාර්ලිමේන්තුවේ තියා ගැනීමත් වෙස්ට්මිනිස්ටර් ක්‍රමයද?

:       0       0

prakaash Thursday, 08 March 2018 03:40 AM

රුකඩ නිවට ආණ්ඩුවක් සහ කතානායකයෙක්.

:       228       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site