කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු පළමු වරට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉරිදා රාත්‍රියේදී, ‘ඩවුනින් වීදියේ අංක 10’ අග්‍රාමාත්‍ය නිල නිවසට පැමිණියේය.
‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වී, එම රෝග ලක්ෂණ උත්සන්න වීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් 6 වැනිදා රෝහල් ගත කළේය. හෙතෙම දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලැබීය.
එක්සත් රාජධානියේ රෝහල්වලින් වාර්තා වන කොරෝනා මරණ ගණන 20,732ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉකුත් පැය 24ක කාලයේදී එරටින් වාර්තා වූ මරණ ගණන 24කි.
‘ද ගාඩියන්’
055
COMMENTS