IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ ගනිද්දී විශේෂ සහනයක්

නිමල කොඩිතුවක්කු        
 
දැනට පවතින ඉන්ධන සහිත ත‍්‍රී රෝද  රථයෙන් ඉලෙක්ට්‍රික්  ත්‍රී රෝද රථ වෙත මාරු වන රියදුරන්  වෙනුවෙන්  විශේෂ සහන ලබා දෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

 
ඒ සඳහා ජපාන රජයත් සමග එක්ව මේ වනවිට  වැඩසටහනක් ආරම්භ කර ඇති බවද ඔහු කියා සිටියේය.
 
2035 වසර වනවිට ඉන්ධනවලින් තොර රථවාහන හඳුන්වා දීම සඳහා රජයේ අවධානය යොමුවි ඇති බවත් ඒ අනුව මෙම වැඩපිළිවළ ක‍්‍රියාත්මක බවත් අමාත්‍යවරයා පැවසීය.
 
මෙයට අමතරව සංචාරක හිතැති ත්‍රී රෝද රථ ප‍්‍රචලිත කිරීමේ අරමුණෙන් එම රථවලට වයිෆයි සහ මාර්ග සිතියම් ඇතුළු නවීන පහසුකම් ලබා ගැනීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
 
දැනට රටපුරා ත‍්‍රී රෝද රථ මිලියන 1.3 ක් පමන ඇති බවත්  ඉන්  ලක්ෂ 8 ක් පමන  එදිනෙදා මහජන ප‍්‍රවාහන සේවයට යොදවා ඇති බවත් ඔහු වැඩිදුරටත්  කියා සිටියේය.



අදහස් (9)

ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ ගනිද්දී විශේෂ සහනයක්

de silva Wednesday, 01 August 2018 01:48 PM

අපේ රටේ විදුලියෙන් වැඩි කොටසක් නිපදවන්න ගල් අඟුරු, ඩීසල් භාවිතා කරනවා. ඉතින් ඔය ත්‍රිරෝද රථ චාර්ජ් කරන්න වෙන්නේ නිවසේ විදුලි බලයෙන්... එතකොට ඕකෙන් වැඩක් නැහැ. විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයාට විදුලිය දෙන්නේ බොහෝවිට පාඩු පිට, ඕවාත් එ්කෙන් චාර්ජ් කරන්න ගියොත් වෙන්නේ තව කරදරයක්.. පුළුවන් නම් ඉන්ධන අඩුවෙන් වැයවෙන ජපානයේ නිපදවන දෙමුහුන් (හයිබ්රිඩ්) ත්‍රිවිල් රථයක් හෝ හයිබ්රිඩ් කුඩා මෝටර් රථයක් තීරුබදු රහිතමිලට අපේ රටට ගෙන්වන්න. එහෙම වුණොත් අපේ පරිසරයත් රැකෙන අතර මගීන්ගේ ආරක්ෂාවද සහතික වෙනවා.

:       228       291

AsankaThursday, 02 August 2018 10:29 AM

තීරුබදු රහිත මිලට අපේ රටට ගෙන්වන්න. මෙහෙම කලොත් අපේ උත්තමයෝ ටික v8 වලින් යන්නේ කොහොමද කවදාවත් වෙන්නේ නැහැ

:       0       1

gunarathna Wednesday, 01 August 2018 02:45 PM

ත්‍රීවීල් ගන්ට අදහසක් තියෙනවා නම් කවදාවත් ගන්න එපා ඉලෙක්ට්‍රික් එකක් නම්. ලංකාවේ පාරවල් වලට මේවා සුදුසු නැහැ. මගදිගට රස්තියාදු වෙනකොට බැටරි බැස්සොත් මොකද කරන්නේ. නමුත් විදුලියෙන් සහ ඉන්ධන වලින් දෙකෙන්ම දුවන්ට පුලුවන්නම් හොඳයි...

:       116       21

akila Wednesday, 01 August 2018 03:24 PM

2035 වෙනකොට මේ රටේ අයට ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථයක් ගන්න විතරක් හැකියාවක් තියන්න තමයි මේ රජය මෙච්චර වෙහෙසෙන්නේ ...

:       1       65

Bamunuarachchi Wednesday, 01 August 2018 06:06 PM

පුලුවන්නම් ජපානයෙන් මාර්ගනීති පිළිපදින ත්‍රිරෝද රථ රියදුරන් ගෙන්වන්න.

:       0       24

Sanath Wednesday, 01 August 2018 07:14 PM

3 වීලර් නිසා ලංකාවේ කලබල වැඩි පාරවල් හොඳටම ස්ලෝ වෙනවා. ඒකට හේතුව තමයි එයාලගේ තියන හදිස්සිය. පොඩි ට්‍රැෆික් බ්ලොක් එකක් ඇතිවුණත් මෙයාල වාහනේ එහෙන් මෙහෙන් දාල මුළු පාරම බ්ලොක් කරනවා. රෝඩ් මැනර්ස් කියල දෙයක් මෙයාලගේ බහුතරයක් දන්නේම නැහැ.

:       0       42

BamunuarachchiThursday, 02 August 2018 06:00 PM

ත්‍රීවීලර් රියදුරන්ට මොන රෝඩ් මැනර්ස්ද. ඉස්සර හිටිය බර කරත්තකාරයින් ත්‍රීවීලර් වැඩිය මැනර්ස් දැනගෙන සිටියා.

:       0       1

lal Thursday, 02 August 2018 01:04 AM

.මේ වැඩෙන් ලැබෙන සම්තිං එක කීයක්ද දන්නේ නැහැ...

:       0       12

himal Thursday, 02 August 2018 04:02 AM

ලංකාවේ ඉදිරියට වඩ වඩාත් පුනර්ජනනීය බලශක්ති ප්‍රහව වෙත යනවා නම් මේ රථ සංකල්පය හොඳයි. අනික මේ ගල් අඟුරු මගින් උත්පාදිත විදුලි ගැටළුව, දැනට යෝජිත ස්මාර්ට් විදුලි මීටර් ක්‍රමය ආවාම හරි යනවා. මොකද එහිදී අඩුම පිරිවැය ඇත්තේ ඉල්ලුම අඩු රෑට. එතකොට රාත්‍රී කාලයේදී ආරෝපණය කරගත්තම පරිසර හිතකාමී විදුලි ගැටළුව විස‍ඳෙනවා. ඒ වගේම ඉදිරි දශකය තුළ මේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තවත් දියුණු වෙනවා.

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site