
(සුජිත් හේවාජුලිගේ)
වරාය පරිශ්‍රයේ රේගු නිලධාරීන්ට දිවා සහ රාත්‍රි ආහාර සැපයීම වෙනුවෙන් පසුගිය වසරේදී නියමිත ප්‍රසම්පාදනයෙන් තොරව රුපියල් හාර කෝටි එකොළොස් ලක්ෂයකට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සදහන් වේ.
ශ්‍රී ලංකා රේගු මූලස්ථාන ගොඩනැගිල්ලේ ආපනශාලාව පවත්වාගෙන යෑමටද විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කර නැතැයි එම වාර්තාව පෙන්වා දෙයි
තෝරා ගත් පාර්ශවය සමග වලංගු ගිවිසුමකට එළඹී නොතිබූ බවද එහි දැක්වේ.
මෙම ආපනශාලාව මේ අාකාරයට 2024 පෙබරවාරි 14 සිට මේ දක්වා පවත්වාගෙන ගොස් තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
විගණන නිලධාරීන් අවිධිමත් ගනුදෙනු යටතේ මෙම කාරණය වාර්තා කර ඇත.
මේ අතර වාහන නිෂ්කාශන කටයුතු සම්බන්ධයෙන් කරන ලද විගණන විමසුම සඳහා රේගුව අධ්යක්ෂ ජනරාල්වරයා මාස හයකට ආසන්න කාලයක් තිස්සේ පිළිතුරු ලබාදී නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.
මෙම තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා රේගුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd