IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


කොල්ලුපිටියේදී දුම්රියේ ගැටී මවක් - දරු දෙදෙනෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ කොටුවේ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක ගැටී මවක් හා පිරිමි දරුවන් දෙදෙනෙකු කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (14) මියගොස් ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පදිංචි ජෙනට් දර්ශනී රාමයියා නැමැති 32 හැවිරිදි දමිල ජාතික කාන්තාවක් හා අවුරුදු 11 සහ 12 වයස් වල පසුවන පිරිමි දරු දෙදෙනෙකි.

මියගිය කාන්තාවගේ අත්බෑගයේ තිබී දමිල භාෂාවෙන් ලියන ලද ලිපියක් කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයාට හමුවී ඇති අතර ජීවත් වීමට මුදල් නොමැති බැවින් දරු දෙදෙනා සමඟ සියදිවි නසා ගන්නා බවට එම ලිපියේ සඳහන් ව තිබූ බව කොල්ලුපිටිය පොලිසිය පැවැසීය.

 

 



අදහස් (13)

කොල්ලුපිටියේදී දුම්රියේ ගැටී මවක් - දරු දෙදෙනෙක් මරුට

nandana Friday, 14 June 2019 03:27 PM

ඉතාමත් ඛේදජනක පුවතක්. සුද්දගේ කාලයේ රේල් පාරේ ගමන් කිරීම තහනම් කර, දඩයක් පවා නියම කර තිබුනා. නිදහසෙන් පසු සියලු දේ රිසිසේ කිරීමට ඉඩ ලැබුණු අතර, අද අපි භුක්ති විදින්නේ ඒ ලැබූ නිදහසේ ප්‍රතිපලයි.

:       55       225

DileepaSaturday, 15 June 2019 12:04 AM

නන්දන ඔබගේ නොදැනුවත්කම පිළබඳව මාගේ කණගාටුව. රේල් පාරෙ ඇවිදීම තහනම් කොට නීතියක් පනවා ඇත්තේ සියදිවි නසාගැනීම් වැලැක්වීමට නොව. ‍යම් අයෙක් දුමිරියේ හැපුනොත් දුම්රිය දෙපාර්තුමෙන්තුවට එහි වගකීමෙන් නිදහස් වීමටය. වන්දි ගෙවීමෙන් නිදහස් වීමට සහ දුම්රිය රියදුරු නීතියෙන් ආරක්ශා කිරීමටය. මා ජීවත් වන රටේ දුම්රිය මාර්ගය වැටවල් ගසා වෙන්කර තිබුනත් මෙවැනි සියදිවි නසා ගැනීම් බහුලව සිදුවේ. මෙම සමාජ ගැටළුවක් වන අතර සමාජයේ පවතින ආර්ථික අස්තාවරත්වය හා පවුල් ගැටලුවලට විසඳුම් සෙවීම වැදගත් වනුඇත.

:       0       79

Chandana Saturday, 15 June 2019 04:38 AM

මේ සිද්ධියට හේතු වෙලා තියනදේ බැලුවාම නන්දන කියන දේ ගැනද අපි කතා කරන්න ඕනේ..?

:       0       71

Sumith Friday, 14 June 2019 10:22 PM

හැමෝටම ජීවත් වෙන්න අමාරුයි. ඒ වුනාට මේක මෝඩ තීරණයක්

:       0       74

ajith Friday, 14 June 2019 11:38 PM

සෑම රජයක්ම තමාගේ පාක්ෂිකයන්ට ගෙවල් හදලා, සමෘධිය දීලා අසරණ අයට ලැබිය යුතු සහන අහිමි කරනවා. මේ ඒවගේ ප්‍රතිපල තමයි.

:       0       4

Kumar Saturday, 15 June 2019 02:00 AM

දුම්රිය ගැටුමකින් මියයන කෙනා විතරක් නොවේ එම දුම්රියේ රියදුරු මහතා ගැනත් සිතන්න ඕනෙ. තමාගේ ඇස් ඉදිරිපිට කෙනෙකුගේ ජීවිතය අවසාන වෙන්න ලංවෙන මොහොතේ සිතේ කම්පාවක් ඇතිවෙනවලු වාහනවල ගැටෙනකොට එම වාහනයේ සිටින අයගේ මුහුණු පෙනෙනෙ රියදුරු මහතාටයි. ඇමෙරිකාවේ මේ වැනි දෙයක් සිදුවුන විට රියැදුර මහතා නිවාඩු යවනවා.

:       7       55

Jaya Saturday, 15 June 2019 03:41 AM

අවුරුදු 70කට පස්සෙත් මේ සෙට් එක ඉතුරු කරලා තියෙන්නේ මෙච්චරයිනේ. මේක තමයි ඇත්තම ඛේදවාචකය..

:       0       119

සරත් Saturday, 15 June 2019 05:45 AM

අනේ ඇත්තටම පව් බන්.. ඇයි මෙහෙම වෙන්නේ.. දරුවන් ඉන්නකොට, සල්ලි මදිවෙනකොට ඒ එන වේදනාව අපහසුකම දරාගන්න බැහැ.. එ්ක චක්‍රයක් වගේ. හිරවුනොත් ගොඩඒමක් නැහැ... මේ සියලු දෙනාටම අනුකම්පා කරනවා... මොවුන්ටයි, සමෘධිය ලැබිය යුත්තේ... එ්ත් හම්බවෙන්නේ ගෙදර ත්‍රිවිල් 1-2 ක් තියෙන ඩිමො බට්ට 1-2 ක් තියෙන කේබල් ටීවී බලන අයටයි. මේ දරුවන් සමහරවිට දවස් කීයක් බඩගින්නේ ඉන්න ඇද්ද?

:       0       125

Nihal Saturday, 15 June 2019 07:29 AM

අනේ දරුවෝ දෙන්නා,! නිවන් සුව පතමි. ජීවත් වීමට ප්‍රශ්න කොහොම විසඳන්නද? හොරකම මදිවට උත්සව, පාටිවලට කෝටි ගණන්නේ වියදම, අම්මගේ අප්පාගේ බූදලේ නම් ඔහොම වියදම් කරන්නේ නැහැ.

:       0       67

lashajSaturday, 15 June 2019 10:18 AM

ක්‍රිකට් ලෝක කුසලානයට මිලියන ගණන් දීලා සිංදුවකුත් හැදුවා නේද?

:       0       44

වීර Saturday, 15 June 2019 08:06 AM

දේශපාලකයිනි. ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් විමසන්න. ඔබේ යුතුකම් කොටස ඉටුකර තිබෙනවද යන්න... සුද්දාගෙන් නිදහස ලැබුණ දා සිට මේ රට ආපස්සට යනවා. අදට වඩා හෙට නරකයි. එ්ක තමා පැහැදිලි යථාර්තය. දුප්පත් මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි. අර අහිංසක දරුවන් දෙන්න පව්. අපිට ජාතිය, ආගම වැදගත් නැහැ. හැමෝම මනුස්සයින්. මෙවැනි පුවතක් දුටු වහාම අදාල රාජ්‍ය ආයතන ක්‍රියාත්මක විය යුතුයි. දුප්පත් මිනිසුන්ගේ හෙට දවසේ යහපත උදෙසා සහන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න..

:       0       94

chandana Monday, 17 June 2019 06:33 AM

දරුවන්ට පාසලක් නොලැබීම නිසා දුව කළකිරීමෙන් හිටියා :ඒ දුකට මේ විනාශය කරගන්න ඇති -මියගිය කාන්තාවගේ මව සාක්‍ෂි දෙමින් කියයි

:       0       0

Siri Monday, 17 June 2019 04:17 PM

ඔන්න ඇත්ත... ජාතිය දෙමළ නිසා දරුවන්ට පාසලක් ලැබුනේ නැහැ. එතනත් ජාතිවාදය සහ රාජ්‍ය චක්‍රලේක හේතුවෙලා නේද? කව්ද වගකිවයුත්තේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දුනීසියාවේ සිට වෙසක් බලන්න ඇවිත්
2025 මැයි මස 11 5 0

ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත


පළාත් රැසකට තද වැසි
2025 මැයි මස 11 5 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව


කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 1131 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 185 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 540 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 760 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 359 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site