(අජන්ත කුමාර අගලකඩ)
විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළහොත් සර්වපාක්ෂික අන්තර්වාර ආණ්ඩුවකට එකඟවන්නේ ද,එසේ නැතිනම් ආණ්ඩුව බාරගෙන රජයක් පවත්වාගෙන යන්නේ ද යන්න සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ අදහස දැනුම් දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් දස දෙනාගේ කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයට කොටස්කරුවන් වන බවට හෝ සමගි ජන බලවේගය වගකීම බාරගන්නා බවට හෝ ගිවිස ගැනීමකින් තොරව විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය නොහැකි බවද, එම මන්ත්‍රීවරුන් කණ්ඩායම දී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් වන නීතිඥ උදය කිරිදිගොඩ,නීතිඥ වසන්ත යාපා බණ්ඩාර ,උපුල් ගලප්පත්ති, අකිල සාලිය එල්ලාවල කරුණාදාස කොඩිතුවක්කු, සුදත් මංජුල, කේ පී එස් කුමාරසිරි, උදයකාන්ත ගුණසේකර ,බී වයි ජී රත්නසේකර සහ ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන් දස දෙනාගේ අත්සනින් මෙම ලිපිය යවා ඇත .
එහි මෙසේද සඳහන් වේ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා ජනාධිපතිවරයා යටතේ පාර්ලිමේන්තුව තිබෙනතුරු අන්තර්වාර ආණ්ඩුවක් සෑදීමට සජබ සූදානම් නොවිය යුතුය. එහෙම වුණොත් සජබ සදාකාලිකවම නින්දේ පසුවනු ඇත.