නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකක සිදු වූ මාරාන්තික වෙඩි තැබීමට සම්බන්ධ “ඉතාමත් ඛේදජනක සහ සංවේගජනක” වීඩියෝපටයක් තිබෙන බව එරට පොලිසිය ප්‍රකාශ කරයි.
එම වීඩියෝ පටය අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හෝ ප්‍රසිද්ධියට පත් නොකරන්නැයි ද නවසීලන්ත පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා ඇත.
“ක්‍රයිස්ට්චර්ච් සිදුවීමට සම්බන්ධ “ඉතාමත් ඛේදජනක සහ සංවේගජනක” වීඩියෝපටයක් තිබෙන බව අපට දැනගන්නට ලැබී තිබේ. එම වීඩියෝපටය අන්තර්ජාලයට නිකුත් වී ඇති බව ද දැනගන්නට ලැබී තිබේ” යැයි නවසීලන්ත පොලිසිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
“එම වීඩියෝ පටය තවදුරටත් ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස අපි ඉතාමත් වුවමනාවෙන් ඉල්ලා සිටිනවා. එම වීඩියෝපටය අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට අපි පියවර ගනිමින් සිටිනවා” යැයි ද එහි තවදුරටත් දැක්විණි.
ඒ.එෆ්.පී. ඇසුරිනි - 055

(මුස්ලිම් ජාතික කාන්තාවන් පිරිසක් නිලධාරියකුගෙන් කරුණු විමසන අයුරු)

(තුවාල ලැබූ පිරිස ගිලන්රථ කරා රැගෙන යන අයුරු)
(ඡායාරූප - රොයිටර්ස් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඒ වෙඩික්කරු තම ඇඟේ සවි කරපු බොඩි කෑම් එකකින් ලයිව් ස්ට්‍රීම් කරපු එකක්. වාහනයෙන් බැහැලා, කාර් එකේ පිටිපස්ස ඇරලා තුවක්කුවක් තෝරාගෙන කිසිම කලබලයක් නැතිව පල්ලියේ දොර දෙසට ගිහින් වෙඩි තියන්න පටන් ගන්න තැන දක්වා තියන කොටස නම් තවම අන්තර්ජාලයේ තියනවා. ඉන්පසුව මිනිසුන් මැරී වැටෙන දර්ශන තමයි මේ විදියට ඉවත් කරන ලෙස ඉල්ලන්නේ...
මේකට කියමනක් තියෙනවා "රෙද්ද අස්සෙ නයි දමාගෙන කෑවෝ කෑවෝ කියා කෑ ගැසීම" කියලා...
ඔය මොනවාද? ලංකාවේ වුන දේවල් හැටියට
මෙයාලට ඒ වීඩියෝව සංවේදී වෙන්න පුළුවන්.. එ්ත් එදා බිල්ලාඩන් වෙඩි තබා ඝාතනය කරන අයුරු එදා අමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටනුත් සජීව සංවේදීව නරඹන්න ඇති...
මරණයට පත්වුණු මනුෂ්‍යයින්ට මුලින්ම නිවන්සුව ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා!!! නමුත් මේක ලංකාවේ වුණා නම් මේ වෙනකොට මේවා මුලුලොකෙම මුල් ප්‍රවෘත්තිවලට දමලා, ලංකාවේ සංචාරයට යන එක භයානකයි කියලා සියල්ලන්ටම දැනුම් දීලා ඉවරයි.
අපගේ මිනිසුන් කොතරම් පහත්ද කියා සමහර ප්‍රතිචාර වලින්ම සිතා ගත හැකිය. ප්‍රහාරයෙන් මියගිය එක ගැන ඉතාම කණගාටුයි.
බමුණට නම් සතුටු ආරංචියක් වගේ
මොන ජාතියක වුනත්, මෙලෙස ම්ලේච්ඡ විදිහට මිනිසුන් මියයාම ගැන ... අද අහන්න ලැබුණු සිත සසල කල පුවතක්...
එක මකුනෙක් කෑවම ඔක්කොම මකුණෝ නැතිකරලා දානවා කිසිම අනුකම්පාවක් නැතුව. වෙන පීඩාව ඉවසන්නම බැරි හින්දා. ඒක වෙනම කතාවක්. ඒ උනත් මෙවැනි දෙයක් අහන්නට දකින්නට ලැබුණාම ,සංවේදී මිනිසුන්ගේ සිත සසල වීම ස්වාභාවිකයි.
ශ්‍රී ලංකාවේ කාත්තන්කුඩි පල්ලියේ දෙවියන් අදහමින් සිටි බැතිමතුන් සියගණනක් කොටි ත්‍රස්තවාදීන් විසින් වෙඩි තබා මරාදම්මා. එදා මෙවැනි ප්‍රචාරයක් ලෝකේ කොහෙවත් තිබුනේ නෑ. මමත් ඒ දිනවල පිටරටකයි සිටියේ.. අධිරාජ්‍යවාදීන්ගේ හැටි එහෙමයි..
ඔය කියන වීඩියෝපටය නැවත ප්‍රචාරය කරන්න එපා කිව්වට අපේ අය නම් අහල නෑ වගේ. ලෝකයේ වෙන මාධ්‍ය වෙඩික්කාරයාගේ කැමරාවේ දර්ශන ස්වයං වාරණයකට ලක්කලාට අපේ මාධ්‍යවලින් වෙච්ච දේ සේරම ලුණු ඇඹුල් ඇතුව පෙන්නලා තියෙන්නේ...
කිසිවක් තනිව කර ගත නොහැකිව, නැට්ට බඩ යට ගහගෙන සිටින පුහුවීරයින් තවකෙකු කෙරෙහි තිබෙන දැඩි වෛරය සිතේ කොනක සඟවා ගෙන සිටියත්, අනෙකෙකු විසින් කල මෙවන් මිලේච්ජ සිදුවීමකදී, ඔවුනුත් අර මිනීමරුවා තරමටම සතුටු වෙන බව, මෙහි සමහරක් පලකොට තිබෙන කුරිරු අදහස් වලින් ගම්‍ය වෙනවා. මෙවන් උන්මන්තකයින් ඔවුන් විසින් හෝ තවකෙකු විසින් පුනරුත්තාපනය නොකොළොත්, රටට පමණක් නොව, ලෝකයටම පිළිලයක් වන දවස වැඩි ඈතක නැහැ.
නරකද ඉස්ලාම් මූලධර්ම තේරුම් ගෙන ඒවා අන් ආගමිකයින්ට බලපාන විදිහ තේරුම් ගෙන ඉස්ලාම් මූලධර්ම පුනරුත්තාපනය කරන්න කතා කළොත්... ඉස්ලාම් මූලධර්ම ගැන අවබෝධයක් තිබෙනවද? මේ ලියන මම බයිබලයත් කියවා ඉස්ලාම් මූලධර්මත් කියවා තිබෙන නිසයි මුසල්මානුවන් ගැන ක්‍රෝධ කරන්නේ... 95% බෞද්ධයින් සිටි බුරුමයට අද සිදුවී තිබෙන්නේ මොකක්ද? එහි ඉන්න බෞද්ධයින්ගේ තත්වය මොකක්ද? ලෝකයේ විශාලතම ස්තුප තිබෙන බෞද්ධ රටක් වූ ඉන්දුනීශියාවට් මොකද වුනේ... ඒ ටික ලංකාවට නොවන්නැයි අපි මේ කතා කරන්නේ ගොබ්බයිනි...
වෛරය හදවතේ පුරවාගෙන, රැකගන්න දඟලන ධර්මය, කොහෙත්ම බුද්ධ ධර්මය නම් වෙන්න බැහැ. ඕක උප්පත්තියෙන්ම, සංසාර පුරුද්දෙන්ම, මේ ලෝකෙට රැගෙන ආපු අශිෂ්ඨත්වයෙන් පිරුණු අධර්මිෂ්ඨකමක්. පිළිමවල උස අනුව ධර්මය වටහා ගෙන සිටින මන්ද බුද්ධිකයින්ගේ ග්‍රහණයට බුද්ධ දර්ශනය පත්වීමම මහා ඛේදවාචකයක්. ජාතිය, ආගම, භාෂාව කුමක් වුවත්, ත්‍රස්තවාදී, හදවත මේ පාපතරයින්ට ඇති බව සක්සුදක් සේ පැහැදිලියි. එසේ, නොමැති නම් කොහොමද, තව කෙනෙකුගේ විපතකදී, මේ තරම්ම සතුටු වෙන්නේ?
බද්රානි ,ඇමරිකාවේ කුළුණු දෙකට ගහලා නිරායුධ සිවිල් පුරවැසියන් 3420 මරපු වෙලාවේ සතුටු නොවුණු අරාබි ජාතිකයෙක් හොයාගන්න බැරිවුනා. විෂ බීජ වපුරලා ධාන්‍ය ලැබෙන්නේ නැ. මේ නවසීලන්ත ප්‍රහාරයට ලංකාවේ බහුතරය කනගාටුවෙනවා
මිනිසාට ආගමක් අවශ්‍යද? නැත. මිහිතලයේ මිනිසුන් ආගම්වලට නොබෙදී සිටියා නම් ඉතිහාසයේ ජන සංහාර කීයක් සිඳී නොවන්නට තිබුණාද? යුදෙව් ඝාතන, මියන්මාර ඝාතන, කුරුස යුද්ධ, ටුටූ ගෝත්‍රික ඝාතන ආදී ඝාතන රැසක් ආගම පාදකව සිදුවී ඇත. ලෝකයේ අඩුවෙන් ආගම අදහන බටහිර රටවල් බොහොම සාමකාමීය. හොඳ නරක දෙක හඳුනන මිනිසාට ආගමක් අවශ්‍ය නැත. ආගම යනු දඬුකඳකි. මිනිස්වගට සේවය නොකොට ජීවිතයෙන් පලායන්න උගන්වන්නකි.