
(රෝෂන් තුෂාර)
ප්‍රකට සංවිධානත්මක අපරාධ කල්ලි නායකයින් ලබා දුන් රුපියල් කෝටි දෙකකට අධික අල්ලස් මුදල් බැංකු ගිණුම් තුනකට බැර කරවා ගත්තේ යැයි දින 45ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද නියෝග කළේය.
ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හා පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ සංස්කෘතික අංශයේ (පාලන) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ සතිෂ් රාජන් හියාරේ ගමගේ සැකකරු මෙසේ ඇපමත මුදාහැරිනි.
සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ විස්ස බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළේය.
සැකකරු සම්බන්ධයෙන් විමර්ශන බොහොමයක් අවසන් බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම ඇපය නියම කළ අතර විමර්ශන ප්‍රගතිය ජනවාරි 06 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.
2025 නොවැම්බර් මස 04
161
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2055
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1580
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු SSP සතිෂ්ට ඇප