
(සුජිත් හේවාජුලිගේ)
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් රජයට බාර දී නැතැයි වාර්තා වේ.
මෙම නිල නිවස ඔහුට පාවිච්චි කිරීම සඳහා ලබා දී තිබුණේ කැබිනට් අනුමැතියකිනි. මෙම නිවස නැවත රජයට ලබා ගැනීමට නම් එම තීන්දුව වෙනස් කරමින් අලුත් කැබිනට් තීන්දුවක් ගතයුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම නිල නිවස නැවත රජයට ලබා ගැනීම සඳහා අමාත්‍යාංශය පසුගියදා එවකට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට කැබිනට් පත්‍රිකාව බාර දුන්නද ආණ්ඩුව වෙනස්වීමත් සමඟ තැබිනට් අනුමැතිය ලබා ගැනීම නතර වූ බව දැනගන්නට ඇත.
එම පත්‍රිකාව නව අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට භාරදීමට කටයුතු කරගෙන යන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
සම්බන්ධන් මහතා 2015 වර්ෂයේදී විපක්ෂ නායක ධුරයට පත් වීමෙන් පසු ඔහුට මෙම නිල නිවස හිමි විය.
අනතුරුව 2018 ඔක්තෝබර් 26 මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වී දින පනස් දෙකේ ආණ්ඩුවෙන් පසු යළි විපක්ෂ නායක ධූරයට පත්වුවද සම්පන්දන් මහතාට එම නිල නිවසේ තවදුරටත් සිටීමට අවස්ථාව ලබා දුන්නේය.
අනතුරුව යහපාලන ආණ්ඩු සමයේදී එවකට ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව 2019 වර්ෂයේ පෙබරවාරි 26 ගත් තීරණයක් අනුව සම්පන්දන් මහතාට දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙසට සිටින තුරු එම නිවස පාවිච්චි කිරීමට අවසර ලබාදී තිබිණ
මෙම නිල නිවසේ ජල බිල්පත්, විදුලි බිල්පත්,දුරකතන බිල්පත් සහ නඩත්තු වියදම් රජය විසින් දරනු ලබන බවත්, මෙම නිල නිවසේ නඩත්තු කටයුතු සිදුකරනු ලබන සේවකයින්ට වැටුප් ලබාදෙන්නේ රජයෙන් බවත් වාර්තා වේ.
එම නිවසේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් 2017 වසරේ රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක මුදලක් ද වැයකර ඇතැයි ආරංචි මාර්ග පවසයි.
සම්පන්දන් මහතාට විපක්ෂ නායක ධූරය අහිමි වීමෙන් පසුව ඔහු මිය යන තෙක්ම එම විපක්ෂ නායක නිල නිවසේ ජීවත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද කට්ටියම එකතුවෙලා කොටි හපුවන්ව මහජනයගෙ සල්ලි වලින් පෝෂණය කරලා තියෙන හැටි.
අපේ රටට විපැත්තියක් උනේ මේ හොරිකඩ දේශපාලුවෝ .මේ වියදම් දරන්නේ .අපි මේවාට සම්බන්ධ එක හොරෙක් වත් පාර්ලිමේන්තු යවන්න එපා
නිල නිවාස හිමි අනෙකුත් රජයේ සේවකයන් මොන දුකකට වැටුනත් ඔහොම ඉන්න දෙනවද. බෙදාහදාගෙන කාලා. හැමෝම ඒකට නම් එකතුවෙනවා. රටට හොද වැඩක් කරන්න නම්, කරන්න යන එකාගේ කකුලෙන් අදිනවා .
රජයේ දේපල අවභාවිතා කරන බවට තවත් නිදසුන් ඕනද?
මම ආදායම් බදු ගෙවන්නේ ඇයි? අපොයි..
තනතුරු දරණ කාලයට පමණක් ලබාදෙන වරප්‍රසාද ජිවිත කාලයටම දෙන්න ජනතාවගෙන් අනුමැතියක් නෑ මේ සෑම වියදමක්ම දරන්න වෙන්නේ රටේ ජනතාවට ඒ නිසා සියලුම අවභාවිතාවන් වහාම නවත්වන්න ඕනෑ
යකෝ මේක මාර රටක්නෙ
මෙච්චර කල් යකෝ අපිනේ මුන්ව නඩත්තු කරලා තියෙන්නේ.. අපි මෙහෙ අපා දුක් විදිනවා උන් රජ සැප අරගෙන රටේ සල්ලි ගිල්ලා.... මාර ආණ්ඩු තමා පහුගිය ටිකේ රඟලා තියෙන්නේ මාලිමාව ඊළඟ ජන්දේ දිනෝලා ඔය කාලකන්නි රොත්තම සුද්ද කරන්න ඕන පාර්ලිමේන්තුවෙන්
රටේ ජනතාව මෙවැනි පාලකයන්ට තමයි ඡන්දය "ලයිසන් තක්කඩින්" ගානට පත්කර ගත්තේ. බලය ලැබුණු ගමන්, රටේ ජනතාවගේ බදු මුදල්, රජය බාරයේ තියෙන පොදු දේපළ, ඔවුන්ගේ සහ ඔවුන්ගේ හෙන්චයියන්ගේ සුඛ විහරණයට පමණක් යොදාගෙන, සාමාන්‍ය පොදු ජනතාවට සොච්චමක් පමණක් දී, දශක හතක් තිස්සේ මුලා කලා...තාමත් මේ අගාධයේ දිග පළල ලංකාවේ බොහොමයක් ජනතාවට නොවැටහෙන පාටයි.
ඔය ලාල්කාන්තත් ඉන්නේ මාදිවෙල මන්ත්‍රී නිල නිවසේ අනවසරයෙන් අවුරුදු 17ක් තිස්සේ. උනුත් එකයි මුනුත් එකයි.
අපරාදේ කියන්න බැහෑ කට්ටිය තනියම කාලා නැහැ බෙදා හදා ගෙන කාලා, එහෙම කනකොට කොටි ත්‍රස්ත්‍රවාදින් මුස්ලිම් අන්තවාදින් කියලා වෙනසක් කරලා නැහැ අපේ හාමුදුරුවනේ !
අපි විතරයි එතකොට සිලින්ඩර මුත්තාගේ වැල් පාලමේ දක්කලා තියෙන්නෙ ,අනේ http
කාලකන්නි ආණ්ඩුවට තිත .දැන් හැමෝම මාලිමාව වටා එක්වෙමු
දෙගොල්ලොම හොරු තක්කඩි
පල් හොරු මුන් යකෝ කූඩැල්ලන්ටත් අන්ත ජරා සත්තු ජාතියක් නේ පොදු ජනයාගේ ලේ උරා බොමින් මුන් සැප විදිනවා මුන්ට මේ රජයේ සැප දෙන නීති ඔක්කොම වෙනස් කළ යුතුයි... ජනපතිතුමනි ඉක්මණින් මුන්ව මෙවැනි තැන් වලින් එළවලා දමන්න
ජනතාවට සේවය කරන්ඩ කියලයි එන්නේ? ඇවිත් කරපු හරිය දැන් රටම දන්නවා...බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවෝ හැම එකෙක්ම මෙවර මැතිවරණයෙන් සදහටම අතුගා දැමියයුතුයි .
අලාභය රජයට අය කරගන්න .පාසල් ළමයින්ට දෙන්න
මුන්ගේ ගොන් ටෙලි නාට්‍ය, සම්බන්දන් ගෙ දෙවැනියා සුමතිධරන් ඉන්නෙ අනුර ගෙ ඔඩොක්කුවේ . ඉතින් කතා කරලා බේර ගනිල්ලා.
ජේවීපී අයට මේවා පෙනෙන්නේ නැහැ. ත්‍රස්තවාදීන් වැඩ කරන්නේ එකම විදියටයි.
මගේ ත් තියෙනවා බැංකු ණය ගෙවා ගන්න අමාරුයි ,බොල් ණය ලෙස කපා හරින්න
පොහොට්ටුවේ, හොරු දැක්ක ජේවීපී...