
(අංජුල මහික වීරරත්න)
රටේ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බැවින් ඊට අපනයනකරුවන්ගේ පූර්ණ සහය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අපනයනකරුවන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
අපනයන වෙළෙඳ පහසුකම් සැලසීමට අනෙකුත් රාජ්‍ය ආයතන සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධ කර ගනිමින් තනි සේවා කවුළුවක් නිර්මාණය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා අපනයන වලට සම්බන්ධ රජයේ ආයතන වල කාර්යක්ෂමතාව ඉහල නැංවීම හා ඩිජිටල්කරණයේ වැදගත්කම පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය.
එසේම බලශක්ති මිල සැලකිය යුතු මට්ටමකින් පහල දැමීම, විදේශ අයෝජන ප්‍රවර්ධනය, ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශය ලබා ගත හැකි පරිදි තානාපති සේවා ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු කරුණු පිළිබඳ රජයේ අවධානය යොමු ව ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මෙම සියලු අරමුණු ඉතා කෙටි කලක් ඇතුලත ඉටු කර ගැනීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ පුළුල් දායකත්වය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසීය.
ඉදිකිරීම්, භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම්, මත්ස්‍ය අපනයන, තොරතුරු තාක්ෂණ, මැණික් හා ස්වර්ණාභරණ, මුද්‍රණ, වීදුරු හා පිඟන් භාණ්ඩ, කුළුබඩු කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් අපනයනකරුවන් මීට එක්ව සිටි අතර එක් එක් කර්මාන්ත වලට අදාලව සහ පොදුවේ අපනයන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ හා ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තනතුරුවලට දාගෙන ඉන්න සෙට් එක එක්කනම් ටිකක් රෑ වෙයි කොන්ද කෙලින් කරන්න
අපේ රටට දැන් අවශ්‍ය ඔවැනි දීර්ඝකාලීන සැලසුම් මැතිවරණ ජයග්‍රහන ඉලක්ක කරලා සරල තොරොම්බල් වැඩ කලින් හිටපු අය කරේ. දැන් අලුත් ගමනක් යමු
ඔබතුමා හරක් ඉන්න රටක ජනාධිපති හින්දා හොඳයි .මුන් ඕන දෙයක් අහනවා
අම්මපා...
මෙයාලාත් තවත් එකතරා කයිවාරු කාරයින් පිරිසක් පමණක්ම බව මේ අවුරුදු 5 දී මොනවට ඔප්පුවේවි. අපේ රටේ රැල්ලට ඡන්දෙ දෙන ගොයියෝ සෙට්එක ලබන සැරේ තව කාට හරි රැවටේවි. මට හිතෙන්නේ වෙනත් කොහේහරි තැනක ඉඳන් කවුරු හෝ නූල් අදිනවා අපේ අයට නටන්න. අවුරුදු 5න් 5ට අඩියක් ඉස්සහරටයි, අඩියක් පස්සටයි අපි යනවා. ඒ කියන්නේ හැමදාම අපේ ආර්ථිකය එකම තැන...
මේවා බලාගෙන ඉන්න බැරි අය දුකට කියන කවි සහ ඩිස්ලයික් බලාගන්න පුළුවන්, හිතුවේ වලව්වල අයට විතරයි. ඔය පුටුවේ වාඩිවෙන්න පුළුවන් කියලා ඔබතුමාට මේක ගොඩදානවා හැර වෙනත් කිසිඳු න්‍යාය පත්‍රයක් නොමැති බව අපට විශ්වාසයි. හඳට බල්ලෝ බිරුවාට හඳ ලොවට එළිය දෙනවා. ඔබතුමා හැර මේක කරන්න වෙන ජගතෙක් නැහැ. ඒ අය කළ හැටි, දොඩවන හැටි බලන්න.
ඇත්තම කියනවා නම් මෙයාලාට නීතිමය පැත්ත මූල්‍ය පැත්ත ගැන අවබෝධයක් නැහැ. කාට හරි බැන බැන ඉන්න කිව්වොත් ඒකනම් කරයි.
සිංහ නඩය නියමයි...!
ඔය නාකි ලෝන්තයින්ට කරන්න පුළුවන් හොරකම් කරන එක පමණි. වෙන දෙයක් බැහැ. ඕකත් හරියට " හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ" එහෙම නැතිනම් " ඩඩ්ලිගෙන් හාල් මිල ඇහුව වගේ " වගේ නිෂ්ඵල ක්‍රියාවක් වෙනවා, ඔය නිලධාරියෝ එක්ක කයිය ගහලා, ලව් කරලා වැඩක් නැහැ. මොවුන්ට ඉලක්ක (ටාස්ක්) දෙන්න ඕනේ, උදහරණයක් දෙනවා නම් අර රියැදුරු බලපත් එකේ ලොක්කාට කතාකරලා කියන්න ඕනේ.. ඔබට උපරිම මාසයක් දෙනවා මිනිස්සුන්ට පෝලිමේ ඉන්නේ නැතුව රියදුරු බලපත් දෙන්න ක්‍රමයක් හදන්න... නැතිනම් උඹ ගෙදර කියලා, (රාජ්‍ය සේවයේ ගොඩක් ප්‍රශ්න පගාව ගන්න නිලධාරීන් විසින්ම නිර්මාණය කරපුවා) පුළුවන් තරම් මොවුන් දේශපාලුවොත් එක්ක එකතුවෙලා කලින් කරපු හොරකම් වලට විශ්වාසවන්ත මාලිමාවේ ලෝයර්ලාට කියලා නඩු පවරන්න ඕනේ ඉතා ඉක්මනට, එහෙම කරලා ඔවුන් රිමාන්ඩ් කරන්න ඕනේ..., එතකොට දැනට ඉන්න නිලධාරියෝත් බය වෙලා වැඩ කරනවා ඉක්මනට... එතකොට මිනිස්සුත් ෆෝම් වෙලා ඡන්දෙ දේවි, කල් මැරුවොත් ලබන චන්දේ කොහොම හරි ගොඩ දැම්මත්, ඉදිරියට එන පළාත් සභා, ප්‍රාදේශීය සභා අමාරු වෙනවා...
ඔය නාකි පසුගිය කාලේ රටේ ආර්ථිකය කෙසේ වෙතත් , උන්ගේ පුද්ගලික ආර්ථිකේ නම් හොඳට කෙලින් කරගන්න ඇති තනතුරු වල බලය උපයෝගී කරගෙන
ජනතාව අතරට මුදල් ගලා ඒම අඩුවී ඇත. ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව හීන වී ඇත. ජීවන වියදම දරාගත නොහැකියි. කව්රු මොනවා කීවත් මුදල් අච්චු ගැසුවාට කමක් නැත.
මහා කකුළුවා ඇදේට යන ගමන්, පොඩි එවුන්ට කෙලින් යන්න කියනවා ! තඹුත්තේගම අනුර ඉස්සෙල්ලා කෙලින් වෙලා ඉන්නකෝ තාමත් රනිල් හදපු වේදිකාවේ රඟන්නේ නැතුව...! ඊටපස්සේ බැරියැයි රටේ ආර්ථිකය ගොඩ දාන්න ඊළඟ කපේදීවත් ! කොහේ ආර්ථිකය ගොඩ දාන්නද, නාඩු හාලුයි, කැකුළු හාලුයි අතර වෙනස දන්නේ නැති ගොවි පුතා...!
බලමු ඔයා නිලධාරී කරාවිද කියලා. මේ යන විදිහට අපට ලබන අවුරුද්දෙත් රියදුරු බලපත්, පාස්පෝර්ට් පෝලිම්වල දවස් ගණන් ගත කරන්න වෙනවා. රජයේ ආයතනවල වැඩ කරගන්න නම් පගවත් දිගටම දෙන්න වෙනවා. අලුත් රජය කියන්නේ නිලධාරීන්ගේ වැඩ වලට ඒගොල්ල ඇගිලි ගහන්නේ නැහැ කියල රජයේ නිලධාරීන්ගෙන් 95% පගාව ගන්න දුෂිත හොරු ඔවුන්ට මේක හරියට ඉබ්බා දියේ දැම්ම වගේ. ඔවුන් හොරකම් , දුෂණ වංචා පෙර පරිදිම දිගටම කරගෙන යනවා.