IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රන් කොල්ලය අතේ මාට්ටු වී සේවකයාට ඇසිඩ් ගසා පැනලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන්  මහරගම නගර මධ්‍යයේ පිහිටි රන් භාණ්ඩ අලෙවි සැලකට ඇතුළු වූ පුද්ගලයකු රන් භාණ්ඩ සොරා ගැනීමට යාමේදී ඊට විරෝධය පෑ එහි සේවකයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි .

ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා තුවාල ලබා  කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

අද දහවල් එකට පමණ මහරගම නගර මධ්‍යයේ පිහිටි රන් භාණ්ඩ වෙළෙදසලකින්  රන් මාලයක් මිලදී ගන්නා මුවාවෙන් පුද්ගලයකු පැමිණ ඇති අතර පසුව ඔහු එහි සේවකයකු සමඟ කතාබහ කරමින් අලෙවිය සඳහා තබා තිබූ රන්මාල තොගයක් පරීක්ෂා කරමින් සිටින අතරතුරදී එක්වරම  එහි තිබූ රන් භාණ්ඩ කිහිපයක් සඟවා ගැනීමට උත්සාහ දරනු දුටු  සේවකයා ඊට විරෝධය පා ඔහුව අල්ලාගෙන ඇති බව පොලිසිය පවසයි. 

එම අවස්ථාවේදී දෙදෙනා අතර පොර බැදීමක් සිදුව ඇති අතර  එහිදී යාබදව රැඳී සිටි තවත් පුද්ගලයන් කිහිප දෙනකු පැමිණ කොල්ලකරු අල්ලා ගැනීමට සැරසීමේදී සැකකරු අත තිබූ ඇසිඩ් දියරය සේවකයාගේ සිරුරට දමා ගසා මෙසේ පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඇසිඩ් ප්‍රහාරයෙන් සේවකයාගේ මුහුණෙහි එක් පසක තුවාල සිදුව ඇති අතර ඔහු ප්‍රතිකාර සදහා  කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත් ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බවත් පොලිසිය පවසයි.

සේවකයාගේ විරෝධතාවය හමුවේ රන් භාණ්ඩ කොල්ල කා පළා යාමේ උත්සාහය ව්‍යාර්ථ වී ඇති බවත් එසේ නොවන්නට ලක්ෂ ගණනක රන් භාණ්ඩ කොල්ල කා පළා යාමට ඉඩ තිබූ බවත් පැවසේ .

සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති අතර පලා ගිය මාර්ගයෙන් සවිකර ඇති ආරක්ෂිත කැමරා පරීක්ෂාකොට අත්අඩංගුවට ගැනීමට  මහරගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒකනායක මහතාගේ උපදෙස් මත  පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

රන් කොල්ලය අතේ මාට්ටු වී සේවකයාට ඇසිඩ් ගසා පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 28 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 826 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site