
(සුජිත් හේවාජුලිගේ)
නව ගමනක් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගිවික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එකතු වන ලෙසට එම පක්ෂවල ක්‍රියාකාරීන් දේශපාලන හිතවතුන් ඇතුළු විවිධ පාර්ශ්ව එම නායකයන්ගෙන් දැඩිව ඉල්ලීම් කර ඇත.
පසුගිය සතියේදී සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී එහි මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකුගෙන් 14 දෙනකුම මෙම මතයේ සිට කරුණු දක්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර සමග ජන බලවේගයේ නායකයන් පිරිසක් මල්වතු නා හිමියන් පසුගිය දා රැස්වූ අවස්ථාවේදී මෙම පක්ෂ දෙක එකඟතාවයකට පැමිණිය යුතු බවට සඳහන් කර ඇතැයි දැනගන්නට ඇත.
මේ ආකාරයට බෙදී වෙන් වී කටයුතු කළහොත් කිසිම පාර්ශවයකට ජයග්‍රහණය කරා යා නොහැකි බවට මන්ත්‍රීවරුන් රැසක් එම කළමනාකරණ කමිටු රැස්වීමේදී පෙන්වාදී ඇත.
පසුගිය මහ මැතිවරණ සහ ජනාධිපතිවරණ සමයේදීද මෙම පක්ෂ දෙක එකතුවිය යුතු බවට මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීහු රැසක් පෙන්වා දුන්හ.
තලතා අතු කෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ප්‍රකාශයක්කර සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉවත් වූයේද මෙම අවශ්‍යතාව ගැන දැඩිව සඳහන් කරමිනි.
" අපි දෙගොල්ලා මේ වෙලාවේ එකතු නොවුණොත් සිද්ධවන්නේ ලොකුම ලොකු විනාශයක් " අතු කෝරළ මහත්මිය එහිදී කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් විනාශය වෙලා තියෙන්නේ බොලාට. ඔබලා ආවොතින් විනාශය වෙන්නේ ජනතාවට. අපොයි අපිට ආදරේට ඔහෙලා බලයට එන්න පොරකන්නේ. තව අවුරුදු 20 කට බොලාට එන්න දන්නේ නෑ. පුළුවන් නම් ගන්න...
තිබ්බ ටිකත් නැති වෙන්නයි යන්නේ. නාමල්ගේ ගොඩ වැඩිවෙයි වගේ...
මොවුන් මොන විදියට. එකතු වුණත් වැඩක් නැහැ. ජනතාවගේ අතේ හැන්ද තියෙන්නේ පපුවක් නැති ඔලුවක් නැති අයට ජනතාවගේ දුක දන්නේ නැහැ. මොවුන් සේරම එකතුවෙලා මොවුන් වරපසාද වැඩි කරගෙන. මොවුන්ගේ පවුල් වලට හිතවතුන්ට සලකන්න තමයි ලෑස්ති වෙන්නේ... දැන් තමයි රටේ නීතිය දකින්න ලැබෙන්නේ... ඒවාට අකැමැති නිසා. පුළුවන් ඉක්මණින් රට පෙරලලා, නැවත් යහමින් හොරාකමින් ජනතා මුදලින් සැප ගන්න ආරක්ෂකයින් පුරවා ගන්න. මොවුන්ට නම් නැවත රට බාරදෙන්න ඉඩ තියන්න එපා. මේ පොඩි රට පාලනය කරන්න බැරි හැතිකරයක්. මොවුන්ට නැවත රැවටෙන්නත් එපා...
ඔය ගොල්ලන් එකතුවෙන්නෙ රට ගන හිතලා නෙමෙයි.බලය රැක ගැනීම සදහා ව්තරයි.මතකනෙ පහුගිය ජජනාධිපතිවරණය කලෙ සමගි වික්‍රමසිංහ කිවෙ සජිත්ට ඡන්දෙ දෙන්න එපා කියලා.ඉතිං කොහොමද සමගි වෙන්නෙ.
ඕක බිදපු සල්ලාලයා නැතුව එකතු වුනොත් හොද ගමනක් තියෙයි . නැතිනම් ඉතින් පුස් . බිදගෙන ගිය මෝඩ උගතුන්ට දැන්වත් තේරෙනවනම් ලොකු දෙයක් .
නැවත නැවතත් රට විනාශ කිරීමට අපි එකතුවෙනවා. අලුත් ලකුණ දුඹුරු පාට ගූගල් ඉමෝජි එකක්.
ඔය දෙගොල්ලොන්ම එකට එකතුවෙලා හිටපු කාලේ කරපු යහපාලන නාඩගම මේ රටේ මිනිසුන්ට හොඳට මතකයි ,මහබැංකුවට එහෙම වැඩේ දෙනකොට ඩොලර් එක 130 ඉඳල 180 දක්වා රුපියල කඩාවැටෙනකොට ඔය හර්ෂල එහෙම කොහෙද දන්නේ නැහැ හිටියේ
එකතු වුනොත් වෙන්නේ මහ විනාශයක්
මොවුන් දෙගොල්ලන් ඇතුළු මොවුන්ගේ බත්බැලයින් ඉන්නකන් එජාපය ගොඩයන්නේ නැත...
මීට කලින් එකතුවෙලා හිටපු කාලෙත් මැතිවරණයක් දිනාගන්න බැරුව පිටින් එක්කෙනෙක් හයර් එකට ගෙනත් තමයි, යහපාලන ආණ්ඩුව අටෝගත්තේ.. ඔය ජෝඩුවටම බෑ. බෑමයි.
එකතු වුනොත් මහා විනාශයක් වෙන්නේ පච වපුරා බලයට ආ අයට
අර හාල් මුදලාලිගෙන් ගත්තු සල්ලි ආපහු දුන්නාද?
නොකෙරෙන වෙදකමට කෝඳුරු හත් පට්ටයක් සමග එළ දෙනෙකුත්...
එදා එකතු වුණා නම්, සමහර විට ජනාධිපතිවරණය දිනාගන්න තිබ්බා. ඒ සල්ලි බලය, දූෂණය සහ මැර බලයත් එක්ක. අනුර මේ රට පිරිසිදු කරනවා නියතයි. ඒ නිසා දැන් එකතු වුණාට, ඒ ගේම් ගහන්න ආයෙත් බැරිවෙයි. රටේ ජනතාව දැන් ඉන්නේ මාලිමාවත් එක්ක. ඒ ආදරය දිනෙන් දින වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නෑ. දැන් ටූ ලේට්... සොරි...!
එකතු උනොත් සජිත්ට අබ සරණයි. ටික දවසකින් ගරා වැටුන වලව් ටික එකතු වෙලා නැගිටින්නට බැරි වෙන්න පහර දෙනවා ..එ ජ ප යට ඕනේ කැඩීගිය චන්ද බලය නැවත ගන්ඩ විතරයී