IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නිදහස් උළෙල ඇරැඹෙයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.

" ජාතික පුනරුදයට පෙළ ගැසෙමු" යන තේමාවෙන් මෙවර නිදහස් උළෙල සමරනු ලබයි.

අශ්වා රෝහක රථ හෝ රථ පෙළපාළි නොමැතිව පොලිස් යතුරු පැදි තුනක් පමණක් පෙරටු කර ගනිමින් ජනාධිපතිවරයා පැමිණියේය.

ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සැලකෙරෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වාදනයෙන් අනතුරුව මඟුල් බෙර වාදනය සහ සක් පිඹීම් මැද ජනාධිපතිවරයා ජාතික ධජය එසවීය. 

ඡායා ළහිරු හර්ෂණ

 

 


නිදහස සමරන්න සියල්ල සූදානම්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ 77 වන ජාතික නිදහස් සමරු උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී  අද(4) පෙරවරුවේ පැවැත්වෙයි.

බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස ලබාගෙන 77 වන වසර සමරන ජාතික නිදහස් උළෙලේ මෙවර තේමාව " ජාතික පුනරුදයට පෙළ ගැසෙමු" යන්නයි.

පෙරවරු 8.4 ට මඟුල් බෙර වාදන සහ සක් පිඹීම් මධ්‍යයේ ජනාධිපති අනුර දිසානායක මහතා ජාතික ධජය එසවීමත් සමග ජාතික නිදහස් උළෙල ආරම්භ කෙරෙයි.

අනතුරුව පාසල් සිසු සිසුවියන් 44 දෙනකු ජාතික ගීය ගායනා කරන අතර ජයමංගල ගාථා සහ "දේවෝ වස්සතු කාලේන" ගාථාව ගායනයෙන් අනතුරුව රට වෙනුවෙන් දිවි පිදූ සියලු ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි දෙකක නිහඬතාවයක් රැකීම සිදු කෙරෙයි.

ජනාධිපතිවරයාට පුද කෙරෙන උත්තමාචාරයෙන් අනතුරුව ජනාධිපති අනුර දිසානායක මහතා  ජාතිය ඇමතීම සිදුකරයි.

අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය ,සිවිල් ආරක්ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් සම්මාන පෙළපාළිය පවත්වනු ලබයි.

සංස්කෘතික සංදර්ශනයෙන් පසුව ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කොට 77 වන ජාතික නිදහස් උළෙලේ සමාප්තිය සටහන් කෙරෙනු ඇත.

(ඡායාරූපය: ලහිරු හර්ෂණ)



අදහස් (4)

නිදහස් උළෙල ඇරැඹෙයි

sam Tuesday, 04 February 2025 10:32 AM

ඇත්ටටම සතුටුයි . ඉස්සර වගේ සුද්දෝ හදපු ආයුධ ණයට ගෙනල්ල සංදර්ශන දාන්නේ නැතිව. ලංකාවේ තියෙන දෙයින් සරලව, සියලු ජාතීන් සමගිව සරල උත්සවයකට.

:       1       4

රම්බොඩ Tuesday, 04 February 2025 11:22 AM

රට කොටි ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කරගත් නායකයින් ආරාධනා කර නැද්ද ? කපුටන් විරුවන්ගේ පිළිම මත පහරන යුගයක එවන් දෙයක් බලාපොරොත්තු විය නොහැක.

:       6       2

Neel Tuesday, 04 February 2025 04:16 PM

අති විශිෂ්ඨයි. අපිට අවශ්‍ය එපමණයි. ජය වේවා.

:       1       4

ඒනක හෂන් දිසානායක Tuesday, 04 February 2025 06:18 PM

අපේ මව්බිමේ ප්‍රධාන හර වටිනාකම රදා පවතින්නේ උතුම් බුදු දහම ප්‍රමුඛ අභිමානවත් පෞවුඩ සංස්කෘතිය පවතින තාක් පමණයි මිතුරනි.. හැබැයි සියලු ජනතාව එකමුතුව රට වෙනුවෙන් කටයුතු කරන එක නම් රටේ ඉදිරි අනාගතය සදහා අවශ්‍යයයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site