
(ගයාන් සූරියආරච්චි)
මෙම 30 වැනිදා වන විට රජය වෛද්‍යවරුන්ගේ ගැටලුවලට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වුවහොත්, දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට පසුබට නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ලසිත කන්නංගර මහතා පැවසීය.
ඔහු ඒ බව පැවැසූවේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකට සහභාගිව වෙමිනි.
සෞඛ්‍ය ක්ෂේත්රයට සහ වෛද්‍ය වෘත්තිකයන්ට 2027 අයවැය මගින් අසාධාරණයක් සිදුව ඇති අතර වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් තවදුරටත් නොසලකා හරින්නේ නම් විරෝධතාවල සිට වැඩ වර්ජන දක්වා සියලු වෘත්තීය සමිති එක්ව කටයුතු කරන බවට වෛද්‍ය කන්නන්ගර මහතා රජයට අනතුරු ඇඟවීය.
වෛද්‍යවරුන් මුහුණ දෙන දිගුකාලීන අසාධාරණයන් ඉස්මතු කිරීම සඳහා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සතියක දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ද ආරම්භ කර ඇත.
දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව මහජන දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ද අද (25) ආරම්භ කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එමෙන්ම සියලු ශ්‍රේණිවල වෛද්‍යවරුන්ට පනවා ඇති රුපියල් 150,000 ඉක්මවන මාසික වැටුප් කප්පාදු පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කිරීමට කටයුතු කළ බවද වෛද්‍ය යසිත කන්නංගර මහතා කියා සිටියේය.
කිසිදු වැඩ වර්ජනයකින් තොරව ලංකාව පුරා විසිරී සිටින වෛද්‍යවරුන් 3000 ක් පමණ ඉකුත් 10 වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට ගෙන්වූ බව කී ලසිත කන්නංගර මහතා කියා සිටියේ වසර 2 කට වැඩි කාලයක් තිස්සේ වෛද්‍යවරුන්ට නොගෙවූ දීමනා රජය ප්‍රකෘතිමත් මට්ටමකට පැමිණ ඇති මොහොතේ ලබාදිය යුතු බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සක්කිලි, වචනේ හොඳ වැඩියි මේ නරුමයන්ට.
ඔබලා ඔක්කොම අර කට්ටියත් එක්කලා දැන් සෑහෙන දවසක ඉඳන් අපට අනතුරු හඟවනවා. ඔහොමම යමුකෝ. අපෙත් බලගාගෙන ඉන්නේ දෙකෙන් එකක් වෙනකම්. ඔයාලා හැමෝම කරන මේ වැඩෙන් අසරණ වෙන්නේ රටේ අහිංසක ජනතාව කියලා කරුණාකර මතක තබාගන්න.
සිත් දුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්. හැමදෙනාම සටනට නැගිටියව්.
මෙම අයවැය මගින් රටේ ඉතිහාසයේ සෞඛ්‍ය අංශය වෙනුවෙන් වෙන් කෙරුණු ඉහළම මුදල ලබා දී ඇති අතර, 2024 සහ 2027 අතර කාලය තුළ වැටුප් දළ වශයෙන් 60%කින් ඉහළ නැංවීමට ද ඉඩ සලසා ඇත. මෙවන් පසුබිමක් තුළ, ඔබ ඉදිරිපත් කරන අසාධාරණ සහ අධික ඉල්ලීම් ප්‍රායෝගික නොවන අතර ඒවා ඉටු කරගත හැකි ද නොවේ. මෙම ක්ෂේත්රය කෙරෙහි ඇති අවංක සැලකිල්ලට වඩා, දේශපාලන න්‍යාය පත්‍රයක් මගින් ඔබ මෙහෙයවනු ලබන බව පැහැදිලිය.
අයි එම් එෆ් පදේට නටන, හොරකම් කරන්නයි බොරු කියන්නයි ඇරෙන්න වෙන මෙලෝ වැඩක් බැරි පච කුමාර ඇතුළු කල්ලිය අන්තවාදී චෞර කල්ලිය පලවා හැර ජනහිතකාමී හා ජනතාවාදී පාලනයක් බිහිකරන්න වෘතියවේදීන් ඇතුළු ගොවි කම්කරු ජනතාවට පෙළ ගැසීමට කාලය ඇවිල්ලා.
අපේ සහාය
ඉස්සර වගේ නෙවෙයි. දැන් ජනතාවත් සටනට සූදානම් බව මතක තියාගන්න. GMOA කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්. මිනිස්සුන්ගේ ජීවිත තමයි අපායට ගන්නේ.
මොනවා කළත් සෑහීමකට පත් නොවන අය. උදේ එළිය වැටෙන කොට ,දවල් කෑම වෙලාවේ,හවසට චැනල් ගානේ හිහින් හම්බකරනවා.අනිත් අයට මොනවා හිතෙනවා ඇත්ද?