IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දිවයිනේ කුඩාම පටක රෝපණ විද්‍යාගාරය රත්මල්කන්දේ

(පාලිත ආරියවංශ)
 
බණ්ඩාරවෙල, කිතල් ඇල්ල, රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ, මඩවල උපාලි  හිමියන් ලංකාවේ කුඩාම පටක රෝපණ විද්‍යාගාරය නිර්මාණය කර තිබේ.

ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේ වෙසෙන උන්වහන්සේ සිය කුටිය අසළ මෙම විද්‍යාගාරය  ඉදිකර ඇත.
 
සාමාන්‍යයෙන් මෙවැනි පඨක විද්‍යාගාර ඉදිකිරීමට විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වන නමුත්, මෙම විද්‍යාගාරය අඩි 10-12 ප්‍රමාණයේ ඉතා කුඩා ඉඩකඩක වුවද සියලු අංගෝපාංග සහිතව නිර්මාණය කර තිබීම විශේෂය.
 
සෛල කිහිපයකින් එකම කාරණය කරනකොටගෙන පටකයක් නිපදවිය හැකි බවත්, එය ගසක් දක්වා වර්ධනය කර රෝපණය කළ හැකි බවත් උන්වහන්සේ පවසති. එකවර ලක්ෂයක පමණ නිරෝගී පැළ මෙම  ක්‍රමයට සකස් කරගත හැකි බැවින් මල් හා  විසිතුරු පැළ ව්‍යාපාර සඳහා එය මහෝපාකාරී විය හැකි  බවද  මඩවල හිමියෝ අවධාරණය කරති.
 
හිරු බලයෙන් ධාවනය වන රථයක් නිපදවීම හේතුවෙන් උන්වහන්සේට පේටන්ට් බලපත්‍රයද හිමිව තිබේ.
 
ගිහි කාලයේ, පාසලක විද්‍යා විෂය ගුරුවරයෙකු හා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකුව  සිටි උන්වහන්සේ පැවිදි වීමෙන් පසුද විද්‍යාත්මක පර්යේෂණවල නියැලෙමින් සිටිති.

ඡායාරූප සඳහා පිවිසෙන්න: 

දිවයිනේ කුඩාම පටක රෝපණ විද්‍යාගාරය රත්මල්කන්දේ 

 



අදහස් (3)

දිවයිනේ කුඩාම පටක රෝපණ විද්‍යාගාරය රත්මල්කන්දේ

jaye Monday, 13 January 2020 08:53 AM

මම නිහඬයි.

:       38       1

Dayal Monday, 13 January 2020 09:14 AM

මටත් තියෙනවා කුඩා පටක රෝපණ විද්‍යාගාරයක් නමුත් මහා පරිමාණ විද්‍යාගාර නිසා පැළ විකුනන්න බැහැ

:       0       1

නිරෝෂා ලක්ෂ්මි ප්‍රනාන්දු Sunday, 25 October 2020 02:15 PM

මා හට පටකරෝපණ දැනුම ඇත. කෙසෙල් සහ උක් පටකරෝපණ ය කිරිමට බලාපොරොත්තුව සිටිමි. එහෙත් මාහට ස්ථානයක් නොමැත. මා දැනෙට පදිංචිව සිටින්නේ හිගුරාණ සිිනිි ආයතනයකට අයත් නිල නිවසක.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site