(ප්‍රසාද් රුක්මල් සහ සමන්පාලිත නානයක්කාර)

ඌවපරනගම ගලහගම ප්‍රදේශයේ එළවලු කොටුවක් වර්ෂාවත් නොමැතිව පවතින දැඩි වියලි දේශගුණික තත්ත්වයත් පැවැතිය ද අද (24) පස්වරුවේ ගිලාබැසීමට පටන්ගෙන ඇතයි ආපදාකළමනාකරන මධ්‍යස්ථානය පවසයි.

ගලහගම ප්‍රදේශයේ ලීක්ස් වගාවක් කර තිබෙන එළවලු කොටුවක මෙසේ අඩි 15 ක පමන පළලට පතුල නොපෙනෙන පරදි ගිලාබැසීමට ලක්වි ඇතයි එම ගම්වැසියෝ පවසති.

විශේශයෙන් මේ දිනවල වර්ශාව නොමැතිව ප්‍රදේශයේ දැඩි වියලි දේශගුණික තත්ත්වයත් පවතින මොහොතක මෙසේ පොළොව ගිලාබැසීමට ලක්විම පුදුම සහගත දෙයක් බවද ජනතාව කියති.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් මේ සම්බන්ධයෙන් කල විමසීමේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන භූවිද්‍යාඥ හර්ෂනි පෙරේරා මහත්මිය සදහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂන කටයුතු සිදු කිරිමට විශේශ කංඩායාමක් එම ප්‍රදේශයට යැවීමට කටයුතු කර ඇති බවයි.