(බිමල් ශයාමන් ජයසිංහ)

ආබාධිත පුද්ගලයකු පදවාගෙන ආ ත්‍රීරෝද රථයක්  හිටි හැටියේ ගිනිගෙන විනාශ වී ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි

අද දහවල් දෙකට පමණ  හෝමාගම පිටිපන ප්‍රසන්න පුර ප්‍රදේශයේදී,  මෙම ගින්න හටගෙන ඇත

ගින්න හට ගැනීමත් සමගම එය පදවාගෙන ආබාධිත පුද්ගලයා තීරුවද රථයෙන් ඉවතට පැන දිවි බේරාගෙන තිබුණි

ඔහුගේ අත්වාරුවද ගින්නට බිලි විය

ප්‍රදේශවාසීන් විසින් ගින්න නිවීම සඳහා දැඩි උත්සාහයක් ගත්තද එයා අසාර්ථක වී ත්‍රීරෝද රථය මුළුමනින්ම ගින්නෙන්විනාශ විය

ගින්නට හේතුව නිශ්චිතව අනාවරණය වී නැත

හෝමාගම මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි