(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඔත්තු බැලීම සඳහා ඩ්‍රෝන යානාවක් යොදා ගනිමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු මවක සහ පුතකු අත්අඩංගුවට ගත් බව පමුණුගම පොලිසිය සඳහන්කරයි.
එම සැකකාර මව සහ පුතු සමඟ හොරෙයින් මත්ද්‍රව්‍ය මිලිගෑම් 480 ක් නීති විරෝධී මත්පැන් පෙරිමට ගන්නා හිස් බැරල් 24 ක්, තඹ දඟර 03 ක් පොලිස් භාරයට ගෙන ඇත.
පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් මීගමුව කොට්ඨාස බුද්ධි අංශය, බස්නාහිර පළාත් බුද්ධි අංශය සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් සමග සමග පමුණුගම නුගපේ ප්‍රදේශයේ ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් නිරීක්ෂණය කර වැටලීම් සිදුකරමින් සිටියදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් යොමු කරන ලද ඩ්‍රෝන යානාවට අමතරව තවත් ඩ්‍රෝන යානාවක් ගුවනේ පියාසර එහි ගැටීම හේතුවෙන් මීගමුව කොට්ඨාස බුද්ධි අංශ ස්ථානාධිපතිවරයා විසින් එම ඩ්‍රෝන යානාවට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
පසුව සිදු කරන ලද විමර්ශනයේදී එම ඩ්‍රෝන යානාව පමුණුගම නුගපේ ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුගේ නිවසේ සිට ගුවන් ගත කරන ලද එකක් බවට අනාවරණය වීමෙන් පසු එම නිවස සෝදිසිකර එහි තිබී ඩ්‍රෝන යානාව භාරයට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd