
(ෂේන් සෙනෙවිරත්න)
සිර දඬුවම් ලබා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කොට සාමාන්ය ගිහි ඇඳුමක් ඇන්දවීම සම්බන්ධයෙන් අප්රසාදය පළ කරමින් එය එක්සත් ජාතීන්ගේ සම්මත අවම රීති මාලාවේ 14 (3) රීතිය කඩ කිරීමක් බව කරමින් ත්රෛනිකායික මහනාහිමි වරුන්ගේ අත්සනින් යුතුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකොට තිබේ.
අතිපූජ්ය තිබ්බුටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නා හිමියන් වරකාගොඩ ශ්රී ඥානරතන අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන් කරගොඩ උයන්ගොඩමෛත්රී මූර්ති ශ්රී ලංකා අමරපුර මහානිකායේ මහානායක හිමියන් සහ මකුලෑවේ ශ්රී විමලාභීන මහානායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව යොමු කොට ඇති එම ලිපිය මෙසේයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ මේවා මේවා පුදුම කතානෙ. සිවුරක් කරේ එල්ලගෙන අනීතික නොපනත් කං කරපු එකා තවදුරටත් බුද්ධ පුත්රයෙක් වෙන්නේ කොහොමද ? හාමුදුවරු කියන්නේ රටේ නීතියට උඩින් ඉන්න ජන කොට්ටාසයක්ද? මේක මරුම කෙලියක්නෙ අප්පා.
මෙයා අශිෂ්ට විදිහට හැසිරෙනකොට මේ නායකයෝ කොහෙද හිටියේ? එතකොට කලින් සැරේ දඬුවම් කරනකොටත් මෙහෙමයි කියලා දැනගෙන නෙමෙයිද හිටියේ? අනේ, මෙහෙමත් නාඩගම්!
අද කාලේ වෙලා තියෙන්නේ පුද්ගලයාගේ හැසිරීම හෝ ගුණධර්ම ගැන බලනවා වෙනුවට, සිවුර දැකපු ගමන් ඇස් වසාගෙන වැඳ වැටෙන එකයි. මතක තබා ගන්න, ගෞරවය ලැබිය යුත්තේ සිවුරට නොව, සිවුර දරා සිටින ගුණවත් සැබෑ භික්ෂුවටයි. සිවුරක් පොරවාගත් පමණින් කවුරුත් සැබෑ භික්ෂුවක් වන්නේ නැහැ; සිවුර කියන්නේ 'සංඝයා' කියන එකත් නෙමෙයි. බුදු දහමට පටහැනිව, අපරාධ කරමින්, නීතියෙන් පලා යමින් මේ වගේ වස්ත්රයක් ඇඳගෙන සිටින අයටත් අද සමාජයේ ගෞරවයක් ලැබෙනවා නම්, ඒක බුදු දහමට කරන ලොකුම නිග්රහයක්. වැරදිකරුවෙකු කොහේ හිටියත් වැරදිකරුවෙක්ම තමයි; සිවුරක් ඇඳගත් පමණින් අපරාධකරුවෙක් සාධාරණීකරණය කරන්න පුළුවන්කමක් නැහැ. සැබෑ ආර්ය සංඝරත්නය ව්යාජ චීවරධාරීන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා, අපි දැන්වත් 'සිවුර' සහ 'සැබෑ සංඝයා' යනු දෙකක් ලෙස වෙන්කර හඳුනා ගත යුතුයි. නැතහොත් සිදුවන්නේ සැබෑ බුදු දහම සහ අවංක භික්ෂූන් වහන්සේලා සමාජය තුළ අපකීර්තියට පත්වීමයි.
සාදු සාදු
ඥානසාරට ඉස්සරවෙලා තවත් 64 දෙනෙක්ද කොහෙද සිවුර ගලවලා හිරේ ඉන්නවලු. එතකොට මේ මහනායකලා කොහෙද හිටියේ? අපේ රටේ බුදුදහම නැතිවෙන්නේ මෙන්න මේ මහනායකලා නිසා තමයි. ශාසනයේ කිසිම විනයක් තියාගන්න මෙයාලට බැහැ. ඒ විනය නීතිය හරහා හදන්න දෙන්නෙත් නැහැ.
එතකොට ස්ත්රී දූෂණ චෝදනාව තියෙන අය චීවරය දැරීම.... නායක කට්ටිය අනුදැන වදාරනවද?