
ජැමෙයිකා සුපිරි කෙටි දුර ධාවන ශූර යුසේන් බෝල්ට් තැබූ මීටර්100 ලෝක වාර්තාව බිඳ දැමීමට, චීනයේ නිෂ්පාදිත මානව රූපී රොබෝවරයෙකු සමත් වී සිටී. මානව රූපී රොබෝවරුන් යනු මිනිස් අපට සමාන හිසක්, අතපය සහ සිරුරක් ඇති රොබෝවරුන්ය.
මෙම රොබෝ, උදේන් බෝල්ට්ගේ වාර්තාව බිඳ දැම්මේ, චීනයේ බෙයිජීං අගනුවර පැවැත්වෙන මානව රූපී රොබෝ ක්‍රීඩා උළෙලේදී , මීටර් 100 තරග ඉසව්වේදීය.
බෙයිජීං සෙන්ටර් ඔෆ් හියුමනොයිඩ් රොබොටික්ස් රොබෝ නිෂ්පාදන සමාගම විසින් නිර්මාණය කරන ලද මෙම රොබෝ තත්පර 9.39 ක කාලයකින් මීටර් 100 තරගය නිම කිරීමට සමත් විය.
ඔලිම්පික් රන් පදක්කම් අටක හිමිකරුවකු වන උසේන් බෝල්ට් 2009 දී මීටර් 100 ජයග්‍රහණය කළේ තත්පර 9.58 කිනි. මෙය අසමසම ලෝක වාර්තාවකි.
බෙයිජීං මානව රූපී රොබෝ ක්‍රීඩා උළෙලේදී, මෙම රොබෝ තවත් රොබෝවරුන් දෙදෙනකු පරාජය කිරීමට ද සමත් විය.බෙයිජීං මානව රූපී රොබෝ ක්‍රීඩා උළෙලේදි රොබෝ ක්‍රීඩකයන් සහභාගී වූ බොක්සිං සහ පාපන්දු තරග පවා පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd