
චීන ජනාධිපති ෂී ජින්පින්, මොළයේ රුධිර නාළ ඉදිමීමේ 'මස්තිෂ්ක ධමනි ප්‍රදාහය' හෙවත් 'සරේබ්‍රල් ඇනියුරිසම්' නමැති රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
68 හැවිරිදි ජනාධිපතිවරයා, 2021 වසර අවසානයේ හිටිහැටියේ රෝහල් ගත කෙරුණි. ඔහු 'මස්තිෂ්ක ධමනි ප්‍රදාහය' රෝගී තත්ත්වයෙන් පීඩා විඳිනවා යැයි වෛද්‍යවරුන් නිර්ණය කළේ එම අවස්ථාවේදී යැයි මාධ්‍ය වාර්තා වැඩි දුරටත් වාර්තා කර තිබේ.
රෝගී තත්ත්වය සඳහා බටහිර ඖෂධ ලබා ගැනිම හෝ සැත්කම් සඳහා යොමු වීම හෝ ජනාධිපති ජින්පින් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහු යොමු වී ඇත්තේ සාම්ප්‍රදායික චීන ඖෂධ කෙරෙහිය.
සාම්ප්‍රදායික චීන ඖෂධවල ගුණය තමන් හොඳින් දන්නා බවත්, ප්‍රතිකාර සඳහා සාම්ප්‍රදායික චීන ඖෂධ භාවිතයට තමන් කැමැති බවත් ජනාධිපති ජින්පින් ඔහුගේ වෛද්‍යවරුන්ට පවසා ඇතැයි ද වාර්තා වේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හරි එයට විරුද්ධ වුණොත් ඔලු පොඩිකර ගන්නවා කියලා මාසයයි ගියේ.. මේ වගේ ඒකාධිපතින්ට ඕක තමයි වෙන්නේ.