(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 මහා  පරිමාණ  මත්ද්‍රව‍්‍ය  ජාවාරම්කරුවෙකු වන  ඩුබායි සුද්දාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනකු   මත්ද්‍රව‍්‍ය  පැකට් කරමින් සිටි කුඩු තිප්පොලක්  වැටලා අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කරයි.

එහිදී රුපියල් ලක්‍ෂ 15 කට  අධික වටිනා  හොරයින් මත්කුඩු ගෑම් 50 ක් හා අයිස් මත්ද්‍රව‍ය ගෑම් 25 ක් එම මත්ද්‍රව‍ය  පැකට් කිරීමට උපයෝගී කරගන්නා විශේෂිත කඩදාසි, ඉටිකොල, ජංගම දුරකථන හතරක් සහිතෝ බෝගේ මෝටර් රථයක්,මත්ද්‍රව්‍ය පැකට් කිරීමට ගන්නා මෙන්ම අනෙකුත් උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇත.

බණ්ඩාරගම වැල්මිල්ල අලෝතියාව ප්‍රදේශයේ නිවසක සැකකටයුතු පිරිසක් රැඳී සිටින බවට බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාට ලද තොරතුරකට අනුව  එම වැටලීම සිදුකළ බව පොලිසිය කියයි.

 

.