IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ඔබේ පැනයට ආයුර්වේද පිළිතුරු

උපදෙස් - බොරැල්ල රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ  නියෝජ්‍ය  අධ්‍යක්ෂ ආයුර්වේද වෛද්‍ය  ධනපාල හෙට්ටිආරච්චිගේ මහතා සමඟ කළ දේශනයක් ඇසුරෙනි.

ප්‍රශ්නය - මම වයස අවුරුදු 52 ක මවක් වෙමි. මා වෛද්‍ය පරික්ෂණ සඳහා සහභාගි වන සෑම වේලාවකටම රුධිර පිඩනය ඉහළ අගයක් තිබෙන බව සටහන් වේ.

විටක හිස කරකවිල්ල ගතියක් ද ඇති වේ. බාහිර වෛද්‍ය ප්‍රතිකාර උදේ සවස ගත්තද අධි රුධිර පිඩනය පාලනය නොවන්නේ ඇයි? රෝගය පාලනයට  ගත යුතු ආයුර්වේද ඖෂධයන් මොනවාද?

පිළිතුරු - අධිරුධීර පිඩනය වැනි බෝ නොවන රෝග වාර්තා විම වැඩිවිමට  මුලිකම හේතුවක් වාර්තා විම වැඩිවිමට මුලිකම හේතුවක් වී තිබෙන්නේ සාම්ප්‍රදායික ජිවන රටාවෙන් සහ ආහාර රටාවෙන් ඉවත් විම

ඊට අමතරව නිතර මානසික අතතියෙන් පිළිබඳ අධිරුධිර පිඩනය වැඩිවිමට බලපා හැකිය.

අධි රුධීර පිඩනයට  ආයුර්වේද ප්‍රතිකාර

·        පොත්ත ඉවත් කළ සුදු ලුණ මී පැණි  වල බහා  තබා උදේ සවස කෑමට  ගන්න.

·        සාරණ , කිරි අඟුන , ජපන් බටු කොල, පැෂන් කොළ, නිරමුල්ලිය කොළ මැල්ලුම් ලෙස පිළියෙල කර ආහාරයට  ගැනිම.                       අධීරුධිර පිඩනය පාලනයට යෝග්‍යය.

 

අධි රුධිර පිඩනය වැඩි වු විට

නිල්‍යාධී තෛලය දෙහි ඇඹූලෙන් කලවම් කර  පපුවේ ආලේප කිරිම ගුණදායකය.

නරායන තෙල් දෙහි  ඇඹූලෙන් කලවම්  කර  යටි පතුලේ ගා  තැබිමෙන්  අධිරුධීර පිඩනය සමනය විමට උපකාර වේ.

හෘද රෝගින්ටත් අධී රුධිර පිඩනයෙන් පෙළෙන්නන්ටත් කමරංකා  ගෙඩි යුෂ පානය කිරිමට සැලැස්විම යෝග්‍යය.

බෙලිකොළ ගම්මරිස් දමා තම්බා එම වතුර  පානය කිරිමට දිමෙන් අධීරුධිර  පිඩනය පාලනය කිරිමට  වඩාත් යෝග්‍ය  සරල ඖෂධයකි.

බැබිල, සුදුලුණු, කසාය තම්බා පානය කිරිමෙන් අධි රුධිර පිඩනය සේම කොලෙස්ට්‍රොල් ද පාලනය කෙරේ.

අධි රුධිර පිඩනයෙන් පෙළෙන රෝගින්ට 

සියඹලා බොර මේස හැදි 3

විනාකිරි මේස හැදි 2

තල තෙල් මේස හැන්දකුයි දමා කලවම් කර වරින් වර  හිසට දැමිම සුදුසුය.

නස්නාරං ඉස්ම සහිඳ ලුණූ මිශ්‍රකර  පානය කිරිමට  දිය හැක.

ප්‍රශ්නය - වෛද්‍යතුමනි මා රැකියාවක නියුතු යුවතියක් වෙමි. නිතර හිසරදය ඇති විමය. මෙය මාගේ දෛයිනික රාජකාරි කටයුතු වලට ද ඉමහත් බාධාවක් වි තිබේ.

වේදනා නාශක පෙති ගිල දැමීමෙන් තාවකාලිකව හිසරදය පාලනය කර ගත්තද එය ශරිර සෞඛ්‍යයට හිතකර  නොවන බව දනිමි. ආයුර්වේදයේ හිසරදය වළක්වා ගැනිමට හෝ පාලනය කිරිමට  යම් ප්‍රතිකර්මයක් ඇත්නම් සඳහන් කරන්න.

පිළිතුර - අවිවේකි  ජිවන රටාව රාත්‍රියේදී නින්ද නොයෑම හෝ පැය 7-8 කාලයක් සුවදායක නින්දක් නොලැබීම, කුසගින්නේ සිටිම, ආවරණයක් නොමැති අව් රශ්මියට යෑම වැනි හේතු හිසරදයට බලපෑ හැකිය. ඊට  අමතරව වර්තමානයේ බොහෝ පිරිසක් හිසරදය වැනි කායිකවත් මානසිකවත් පිඩා දෙන රෝගි තත්ත්වයන්ට ගොදුරු වන්නේ ශරිරයෙන් පිට කරනා වේග ධාරාවන් අනවශ්‍ය  පරිදි පාලනය කිරිමට යාමෙනි.

උදාහරණයක් ලෙසට  කිවිසුම් ඇණුම් ආදිය නොයවා  සිරකරගෙන සිටිම.

කුසගිනි දැනෙන විට ආහාර  නොගැනිම පිපාසය යටපත් කරගෙන සිටිම. ආදි  කරුණු හිසරදය ඇති විමට  සෘජු හෝ වක්‍රකාරයෙන් බලපා හැකිය.

හිසරදයට ආයුර්වේද ප්‍රතිකාර

·        බටු කරවිල කොල තල තෙලින් අඹරා නස්න කළ හැකි අතර  නළල දෙපසට  පැළැස්තර  දැමීමට ද පුළුවන.

·        වියළී ඉඟුරු, තිප්පිලි  බෙලි මුල්, කළං උදේ සවස ගැනිම ද ගුණදායකය.

·        වියළි ඉඟුරු, වළඟ සහල්, සුවඳ කොට්ටං දි කිරිදිය ඉස්මෙන් අඹරා , නස්න කිරිමට  හෝ රෙදි  කෑල්ලක ආලේප කර , නළලේ ඇලවිමටද පුළුවන.

·        හිසරදය ඇති වේලාවට  අබ, වදකහ , කුරුදු  පොතු, එනසාල් , සුදුරු , කළුදුරු, ඉඟුරු, සුවඳ කොට්ටං කුඩු කර  දල්වා නිවෙන්නට  හැර  එයින්                    නැඟෙන දුම ඇල්ලිම ගුණදායකය.

·        සුදු ලුණූ අබරා, තල තෙලින් කලවම් කර  නාසයට  එම තෙල් ඉරිමට  හෝ , නළල දෙපස හැම ගුණදායකය.

සැළකිය යුතුය

රෝගි ප්‍රතිකාරයක් සඳහා  නාසයට  කුඩු හෝ චුර්ණ නස්න කිරිමේදි  අධික රුධිර  පිඩනයෙන් පෙළෙනා  පුද්ගලයන් රුධීර  පිඩනය පාලනය කිරිමෙන් අනතුරුව එවැනි ප්‍රතිකාර  සඳහා යොමුවිම යෝග්‍යය.අධි රුධීර පිඩනය තිබියදි  නස්න කිරිමට යාමෙන් අවධානමක් ඇතිවිය හැකිය.

ප්‍රශ්නය - මාගේ වයස අවුරදු 63 කි. කලක පටන් මාගේ  හිසෙහි  රුපියල් දෙකක ප්‍රමාණයක් උඳුගොව්වන් කන බව හිස පරික්ෂා  කරනන් කියති.

මෙය මට  මානසික ගැටලුවකි. උදුගොව්වන් කෑමට  ආයුර්වේද ප්‍රතිකර්මයක් සඳහන් කරන්න.

පිළිතුර -

උඳුගොව්වන් කන විට

·        එළ බටු ගෙඩියක ඇතුළත මඳය උඳගොව්වන් කන ස්ථානයේ ගල්වා දෙහි ලෙල්ලක් ආධාරයෙන් එම ස්ථානය පිරිසිදු කිරි යෝග්‍යය.

·        ජයපාල යුෂ ගැල්විමද උඳගොව්වන් කෑම පාලනයට  ආයුර්වේදයේදි  භාවිතා කෙරේ.

·        බාඳුරා ලඳු තල තෙලින් අබරා ගැල්විම ද කළ හැකිය.

·        ඔළිඳ ඇට, ඔළිඳ පොතු, ඔළිඳ මුල් එකට  අබරා, දෙහි ඇඹූල් මිශ්‍ර කර ගැල්විය හැක.

ප්‍රශ්නය - මම පාසල් යන ශිෂ්‍යාවක්  වෙමි. මට ඇති ගැටළුව නම් මිස්හොරි ඇති වි තිබිමය. හිස කැසිමත් , සුදු පැහැයෙන් පොතු ගැලවී යාමත් හිසකෙස් යෑමත් පාසලේ අන්‍යන්ගෙන් උසුළු විසුළු වලට පවා භාජනය වේ. කරුණාකර හිස්හොරි පාලනය කර ගැනිමට මට විසඳුමක් දෙන්න.

හිස්හොරි වලට

හරං කහ මී පැමිණීයෙන් අබරා ගෑමෙන් හිස්හොරි නිට්ටාවටම සුවකර ගත හැකිය.

හිසකෙස් වර්ධනයට

හතවාරි අලවල මැද නාරටිය ඉවත් කර ඔළිඳ කොළ, මුකුනුවැන්න මුල් දමා කොටා,එහා ඉස්ම ගෙන අරළු , කළදුරු, සුදු ලුණූ, සැවන්දරා , වැල්මි අරබා එකට දමා කකරා හිස ගැල්විමෙන් හිසකෙස් වර්ධනයට උපකාරි වන බව ආයුර්වේදයේ පෙන්වා දේ.

එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.



අදහස් (0)

ඔබේ පැනයට ආයුර්වේද පිළිතුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29632 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18229 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11822 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 735 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 220 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 870 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site