IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උතුරු දුම්රිය මගේ අඩුපාඩු අහන්න ප්‍රවාහනයේ ලොක්කෝ උසාවි කඳවයි

(උපාලි ආනන්ද)

උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර කොටස නවීකරණය කිරීමේදී ආබාධිත  පුද්ගලයන්ට ප්‍රවේශ පහසුකම් නොසලසා ආබාධිත පුද්ගලයින් නොසලකා හැර,  නිසි ප්‍රමිතියකින් තොරව, ඉදිකර ඇති බවට චෝදනා කරමින් ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලින්ද හේවාවසම් මහතා ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට පෙබරවාරි මස 19 වන දින අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

තලාව, පහළගම ලිපිනයේ පදිංචි ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපති එම්. ඩී. කමලාවතී මහත්මිය,  අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කළ රීට් පෙත්සමක් සලකා බලමිනි.

මෙම නඩුවේ වගඋත්තර කරුවන් ලෙස නම් කර ඇත්තේ ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා, ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා,අධිකාරීවරයා ඉංජිනේරු අධිකාරී (උතුර, අනුරාධපුර) සහ නීතිපතිවරයායි.

 



අදහස් (2)

උතුරු දුම්රිය මගේ අඩුපාඩු අහන්න ප්‍රවාහනයේ ලොක්කෝ උසාවි කඳවයි

asiri Tuesday, 21 January 2025 04:08 PM

ව්‍යාපෘතියෙන් පාර විතරයි හැදුවේ. නැවතුම්පොළවල් හදන්න ඉන්දියාවෙන් සල්ලි දුන්නේ නැහැ.

:       2       1

චමින්ද කුමාර ප්‍රේමතිලක Wednesday, 22 January 2025 07:05 AM

දුම්රිය වේදිකාවලද අලුත්වැඩියා සිදුවී තිබේ.එහෙත් ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ප්‍රවේශ නියෝග නොසලකා කටයුතු කර ඇති බව පෙනෙනවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site