
ඉන්දියාවේ, ඔඩිෂා වෙරළට නාවික සැතපුම් 240ක් පමණ ඔබ්බෙන් මුහුදේ දී, යපස් ටොන් 1,700ක් පටවාගත් පැනමා රාජ්‍යයේ ලියාපදිංචි ‘එම්.වී. ඕෂන්-වින්නර්’ නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව අනතුරකට ලක් විය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ නෞකාව බෙංගාල බොක්ක මුහුදු සීමාවේ ගිලී යන්න ඇති බවය.
‘එම්.වී. ඕෂන්-වින්නර්’ නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 24 දෙනකු සිටි අතර, ඔවුන් මුදා ගැනීමට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සහ ඉන්දීය නාවික හමුදාව එක්ව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත.
ඊයේ (22) දිනය පුරාවට දිවි ගලවා ගැනිමේ මෙහෙයුම් ක්‍රියාත්මක වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. නෞකාව මුහුදේ ගිලී ගියේ උදෑසන 11.48 ට පමණ යැයි නෞකාව මෙහෙයවන ‘වික්ටරි ස්ටාර් ගෲප්’ සමාගම කළ නිවේදනයක දැක්වෙයි. තම නෞකාව සමග සියලු සබදතා බිද වැටුණු බව ‘වික්ටරි ස්ටාර් ගෲප්’ ඉන්දියාවේ ‘ශ්‍රී විජය පුර’ සමුද්‍රීය මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට දැනුම් දීමෙන් පසු නෞකාව සොයා මෙහෙයුම් එසැණින් ආරම්භ වූ බව ද පැවැසෙයි.
ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් ‘විජිත්’, 'වරද්’ සහ ‘අන්මෝල්’ යන නෞකා, ‘එම්.වී. ඕෂන්-වින්නර්’ නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය සෙවීමේ මෙහෙයුම්වලට යෙදවිණි.
ඉන්දියාවේ පරාදීප් වරායේ සිට සිංගප්පූරුව බලා ගමන් ආරම්භ කර තිබූ මෙම නෞකාවේ චීන ජාතිකයන් 20 දෙනකු, මියන්මාර් ජාතිකයන් තිදෙනකු සහ එක් බංග්ලාදේශ ජාතිකයකු සේවය කරමින් සිටි බව ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd