IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉඩම් අත් කර ගැනීමේ පනත සංශෝධනයට

(අංජුල මහික වීරරත්න)

ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දැනට බල පැවැත්වෙන 1950 අංක 09 දරන ඉඩම් අත්කර ගැනීමේ පනතේ විධිවිධාන අනුගමනය කිරීමේදී විශාල කාලයක් ගත වීම හේතුවෙන්, ඉඩම් අක් කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගත වන කාලය අවම කර, සරළ ක්‍රමවේදයක් යටතේ ඉඩම් අත්පත් කර ගැනීමටත්, ඒකීය ක්‍රමවේදයක් යටතේ වන්දි ගෙවීමටත් හැකි වන පරිදි, එම පනත වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීමට 2021-01-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

ඒ සඳහා වන මුලික පනත් කෙටුම්පත සකස් කර ඇති අතර එකී පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගත යුතු බව නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනුම් දී තිබේ. 

ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, එකී පනත් කෙටුම්පත කඩිනමින් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.



අදහස් (3)

ඉඩම් අත් කර ගැනීමේ පනත සංශෝධනයට

ගුණරත්න Wednesday, 26 March 2025 01:32 PM

ඔය කියන ඊනියා සරල ක්‍රමවේදය තමයි නායකතුමාගේ අභිමතය පරිදි ඕනෑම රජයේ දේපලක් අවශ්‍ය පරිදි අවශ්‍ය අයෙකුට දෙන්න අවශ්‍ය නීති කියන එක. එහෙම නැතිව සොයාබලා අවංක වශයෙන් ඉඩමක් නැති අසරණයාට ඉඩම් දීමේ චේතනාවක් නොවෙයි. මොකද පරණ නීති තිබ්බා කියලා මෙතෙක් කල් ඉඩම් පැවරීම් නොවුණා නොවේනේ. අපේ ගමේ අල්ලපු ගම උදාගමක්, එක සම්පූර්ණයෙන්ම රජයේ ඉඩමක් නිවසක් නැති අයට පවරා දීලා නිවාස හදා දුන්නු තැනක්. පරණ නීති තිබ්බා කියලා ඒ වැඩ නැවතුනේ නැහැ. ඉතින් මොකක්ද මේ අමුතු හදිසිය?

:       1       5

Colombo Godaya Wednesday, 26 March 2025 02:44 PM

මගේ හම්බන්තොට ඉඩම මත්තල පාර පළල් කරන්න අවුරුදු 4කට විතර කලින් අත්පත් කර ගත්තා. මම තවමත් වන්දි බලාපොරොත්තුවෙන් ඉන්නවා. පවතින නීතියේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එකම ප්‍රශ්නය රජයේ නිලධාරීන්ගේ නොසැලකිල්ල සහ අලසකමයි.

:       0       5

Chinthaka Thursday, 27 March 2025 10:59 AM

මාර්ග සංවර්ධනයට ඉඩම් අත්පත් කරගෙන මාර්ග පුළුල් කලාට පස්සේ ත්‍රීවීලර් කාරයෝ පුළුල්කල කොටස පාර්ක් හැටියට ගන්නවා ඉඩමේ අයිතිය තිබූ කනාට හදිසියේවත් වාහනය නවතන්න තුන් පූට්ටුවො ඉඩක් දෙන්නෙ නැහැ මේක වෙන්නේ නගරයේ පාරවල්වල තමයි ඔවැනි දේවල් නිසා අපේ ප්‍රදේශයේ ලොකු හාඩ්වෙයාර් එකක් වැහිලා ගියා මේ ගැනත් අවධානයට යොමුවෙනවා නම් හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31295 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13493 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10995 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 106 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 931 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site