(විමුක්ති එස් රුද්‍රිගු)
සැහැල්ලු ගුවන් යානයක් ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ මාර්ගයකට හදිසියේ ගොඩ බෑමෙන් සිදුවූ අනතුරකින් එම මාර්ගයේ ගමන්ගත් වාහන කීපයකට අලාභානි වී ඇතැයි එරට පොලිසිය ප්‍රකාශ කළේය.
මෙලෙස ගේන්ස්විල්හි වාහන විශාල ප්‍රමාණයක් ගමන් කරන මාර්ගයකට හදිසියේ ගොඩබා ඇත්තේ තනි එන්ජිමේ පුහුණු කිරීමට යොදා ගන්නා සැහැල්ලු ගුවන් යානයක් බව ගේන්ස්විල් පොලිසිය පැවැසුවේය. යානයට ගුවන් තොටුපොළක් බලා පියාසර කිරීමට අවශ්‍ය බලය නොතිබි ඇති බවත් ඒ හේතුවෙන් යානය හදිසියේ මෙම මාර්ගයට ගොඩ බැස්වීමට නියමුවා කටයුතු කර ඇති බවත් ගේන්ස්විල් පොලිසිය ප්‍රකාශ කළේය.
යානය ගොඩ බැස්වූ අවස්ථාවේදී යානයේ තටුවක් මාර්ගයේ ගමන්ගත් වාහන කීපයක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත. එසේම ගුවන් යානයේ ඉන්ධන ටැංකිය ගැලවී ගොස් මාර්ගයේ ගමන්ගත් එස්.යූ.වී රථයක වැදී ඇති බවත් අනතුරින් පුද්ගලයන් කීපදෙනෙකුට සුළු තුවාල සිදුව ඇති බවත් පැවැසෙයි. යානය හදිසියේ මාර්ගයට ගොඩබස්වන වීඩියෝව සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් සංසරණය වීම ආරම්භ වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd