ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ පෝට් ආතර් නගරයේ වැලෙරෝ තෙල් පිරිපහදුවේ දැවැන්ත පිපිරීමක් සිදු වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. මෙය දිනකට බැරල් 380,000ක ධාරිතාවයකින් යුත් පිරිපහදුවකි.

පිපිරීමත් සමග ගින්නක් හටගත් අතර, බලධාරීහු වහා ක්‍රියාත්මක වී, ප්‍රදේශවාසීන් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට කටයුතු කළහ.

පෝට් ආතර් නගර ඉලධාරීන්ට අනුව පිරිපහදුව අවට වෙසෙන සියලුම වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සිදුවිය.
පිරිපහදුවේ පිපිරීමත් ගින්නත් හේතුවෙන් පෝට් ආතර් නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග සියල්ල වසා දැමුණු බව ද වාර්තා වේ. 

ඇමෙරිකා මාධ්‍ය වාර්තා කළේ පිපිරුමෙන් පිරිපහදුවේ සිටින සේවකයන් දෙදෙනකු තුවාල ලැබූ බවත් ඔවුන් කඩිවමින් රෝහල්ගත කළ බවත්ය. පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් ආරම්භ වුණු අතර5 පිපිරීමට හේතුව කාර්මික හීටරයක් විය හැකි බව පොලිසිය පවසයි. 

එය ඉරාන හිතවාදී ත්‍රස්ත කල්ලියක් එල්ල කළ ප්‍රහාරයක්දැයි සැකයක් ද පවතින අතර, විමර්ශන කටයුතු දිගටම සිදුවෙයි.