IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අනුරාධපුර ප්‍රධාන දුම්රිය වර්ජනය අවසන්

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ රාජකරියේ නිරතව සිටින දුම්රිය නියාමකවරු පිරිසක් අද (18)දින උදැසන සිට ආරම්භ කරන ලද වැඩ වර්ජනය පස්වරුවේදි අවසන් විය.

අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ රථ ගාලේ නවතා තිබු දුම්රිය නියාමක වරයෙකුට අයත් යතුරු පැදියක් මත තිබු හිස්වැසුමක් කිසිවෙකු විසින් සොරා ගෙන යාමේ සිද්ධියකට විරෝධය දක්වමින් දුම්රිය නියාමකවරුන් අද (18)දින වර්ජනයක නිරතවුහ.

ප්‍රධාන දුම්රිය නියාමක පි.කේ.පි.පිරිස් මහතාට අයත් යතුරු පැදිය දුම්රිය ස්ථානයේ රථ ගාලේ නවතා තිබියදි යතුරු පැදිය මත තිබු හිස්වැසුම කිසිවෙකු විසින් ඊයේ (17)දින රාත්‍රියේ සොරා ගෙන ගොස් තිබුණි.

දුම්රිය ස්ථානයේ පිහිටි රථ ගාලේ නිසි ආරක්ෂාවක් නොමැති නිසා වෙනත් ආරක්ෂිත ස්ථානයක රථ ගාලක් ඉදිකර දෙන ලෙස ඉල්ලමින් දුම්රිය නියාමකවරුන් පහළොස් දෙනෙකු සේවයෙන් ඉවත්වි වර්ජනයක නිරත වුහ.

මෙම හේතුවෙන් අද (18)දින පෙරවරැවේදි අනුරාධපුර සිට කිලිනොච්චිය දක්වා ධාවනය විමට නියමිතව තිබු දුම්රියත් අනුරාධපුරේ සිට මැදවච්චියටත් මැදවච්චියේ සිට අනුරාධපුරයටත් ධාවනය විමට තිබු රේල් බස් දෙකත් ධාවනය නොවු බව අනුරාධපුර දුම්රිය අධිකාරි කේ.සි.ආර්.නවරත්න මහතා පැවසිය.

මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයා හා දුම්රිය නියාමකවරැන්ගේ වෘත්තිය සමිති නියෝජිතයන් අතර අද කොළඹ පැවැති සාකච්ජාවේදි අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ රථගාලට දුම්රිය දෙපර්තමෙන්තුවේ ආරක්ෂක නිලධාරිවරයෙකු යෙදවිමට පාලන අධිකාරිය විසින් එකග විම නිසා මෙම වර්ජනය අවසන් විය.

මෙම වර්ජනය හේතුවෙන් මගිහු විශාල පිරිසක් දැඩි දුෂ්කර තත්වයකට පත්වුහ.



අදහස් (8)

අනුරාධපුර ප්‍රධාන දුම්රිය වර්ජනය අවසන්

Nimal Wednesday, 18 September 2024 04:47 PM

එක ඔලුවක් නැති එකෙක්ගේ හෙල්මට් එකක් නිසා මිනිස්සු කී දාහක් අසරණ වෙන්න ඇත්ද? ඉන්ටවීව් එකකට විභාගෙකට යන්න හිටපු කෙනෙක් එහෙම හිටියා නම් ඒ මනුස්සයාගේ අවුරුදු කීයක් නාස්ති වෙන්න ඇත්ද? මොන මගුලටද හෙල්මට් එක බයික් එක උඩින් තියලා ගියේ... හෙණ ගහන්න ඕනේ ඕකුන්ගේ පවුල්වලටත් එක්කම...! 

:       0       0

Prabha Wednesday, 18 September 2024 06:14 PM

වර්ජනය නිසා වෙච්චි පාඩුව ගෙවන්නේ කවුද? ඔය වර්ජනය කරපු දිනේ වැටුප මේ අයට ගෙවනවද? හෙල්මට් එක ගෙනත් කාර්යාලයේ ඇතුළේ තියෙන්න තරම් සිහියක් නැති අයද මිනිස්සු සිය ගාණක් යන දුම්රියේ සේවය කරන්නේ...?

:       0       0

Prabha Wednesday, 18 September 2024 06:15 PM

මොවුන්ට හම්බවෙන ළමයාගේ පාට වෙනස් වුණත් වර්ජනය කරන කාලේ වැඩිදුර නෑ..

:       0       18

බකල විජේThursday, 19 September 2024 12:02 AM

ඒකටනං වර්ජනයක් කරන්න වෙනවා ප්‍රභා ......

:       0       2

achini Wednesday, 18 September 2024 06:28 PM

ආරක්ෂිත හිස්වැසුම නැති වුණත් වර්ජන... අනේ මන්දා...?

:       0       16

asiri Wednesday, 18 September 2024 09:03 PM

මුන්ට හෙල්මට් එක අරන් යන්න බැරිද විවේකාගාරයේ තියන්නේ නැතුව

:       0       0

වැසුම ඇත, ඔලුව නැත Wednesday, 18 September 2024 11:12 PM

හෙල්මට් එක හම්බ වුනාලු, ඒ උනාට ඔලුව තාම නෑලු. ඒකනම් හම්බවෙයි කියල හිතන්න අමාරුයි.

:       1       6

Asanka Thursday, 19 September 2024 08:08 AM

කාළකන්නි

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site