IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අනතුරට පත් ධීවර යාත්‍රාවක 6දෙනා ඉන්දීය වෙළඳ නෞකාවකින් බේරාගනී

(චන්ද්‍රසේන ගමගේ)
 
කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් 6දෙනෙකු රැගත් චම්පා-7 බහුදින යාත්‍රාව අනතුරට ලක් වී ඇතැයිද,  ඉන්දීය වෙළඳ නෞකාවක් විසින් ධීවරයින් බේරාගෙන ඉන්දියාවට රැගෙන යමින් සිටින බවද, හම්බන්තොට ධීවර පරීක්ෂක ප්‍රාදේශීය කාර්යාලය පවසයි.
 
පසුගිය 25 දින මුහුදු ගිය යාත්‍රාවේ සිටි පිරිස පසුගිය 1 දින තෙක් ගොඩබිම සමග සම්බන්ධකම් පැවැත් වූ බවද, පසුව යාත්‍රාව අනතුරකට පත්ව ඇති බව  ධීවර අමාත්‍යාංශයෙන් තමාට දැනුම් දුන් බවද යාත්‍රාවේ හිමිකරු වන ෂෙල්ටන් දයාරතන මහතා පැවසීය.
 
යාත්‍රාවේ සිටි ධීවරයින් සය දෙනා පෙරළුණු බෝට්ටුවේ එල්ලී දින 4ක් තිස්සේ මහ මුහුදේ ගත කොට ඇති බවද යාත්‍රා හිමිකරු වැඩිදුරටත් කියා සිටියේය.
 
අනතුරට පත් යාත්‍රාවේ සිටි ධීවරයින් සයදෙනා ලංකාවට රැගෙන ඒම සඳහා ධීවර අමාත්‍යංශය කටයුතු කරමින් සිටී.

ඡායාරූප සඳහා පිවිසෙන්න - කුඩාවැල්ලේ ධීවර යාත්‍රාවේ 6දෙනා ඉන්දීය වෙළඳ නෞකාවකින් බේරාගනී 

 



අදහස් (1)

අනතුරට පත් ධීවර යාත්‍රාවක 6දෙනා ඉන්දීය වෙළඳ නෞකාවකින් බේරාගනී

eresh S kumara Tuesday, 07 July 2020 09:43 AM

ඉන්දියන් අයට කොරෝනාද දන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site